ඩබ්ල්යු. ඒ. සිල්වා 125 වන ජන්ම සංවත්සර සම්මන්ත්‍රණය

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශය හා ඩබ්ල්යු. ඒ. සිල්වා පදනම එක්ව සංවිධානය කරන ඩබ්ල්යු. ඒ. සිල්වා 125 වන ජන්ම සංවත්සර සම්මන්ත්‍රණය හා ග්‍රන්ථ එළිදැක්වීම 2015 පෙබරවාරි මස 10 වන අගහරුවාදා ප.ව 2.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යනාංශයේ ඇම්.බී.ආරියපාල ශ්‍රවණාගාරයේ දී.

ඩබ්ලිව් ඒ සිල්වා සමරු ගීතය 2014 සමරු උළෙලේ දී…

මෙම සමරු ගීතය වර්ෂ 2014 මැයි මස 31 වන දා පැවැති ඩබ්ලියු. ඒ. සිල්වා සමරු උළෙලේ දී එළි දක්වන ලදී,

ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ

හෙළ දෙස තොරතුරු හැඩට ලියූ ඔබ
හෙළ බස විසිතුරු කැර හෙබවූ ඔබ
හෙළ දන මන විරු හැඟුම් කැවූ ඔබ
හෙළ දිව මහ නවකතාකරු යි, ඔබ
ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ
ඔබ නම හෙළ දැය තුළ වොරැඳේ

නවකතා ලොවට පිවිසී, කැඳවා ගෙන, සිරියලතා ළබැඳි
පාසල් ගුරුවරි, ලක්ෂ්මී හා, එක් වී එහි පෙරට ඇදි
කැළෑ හඳෙන් ගෙන දී සිනමාවට, මිහිරක් පෙර නො විඳි
ඔබ මැවු ආනන්දය, බස තුළ පවතියි, සදහට ම රැඳී
ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ

දෙයියන්නේ රටේ, දළ කුමාරි, සක්විති රජ, කෙටි කතා සැදි
පතළ, ලකර, රාමායණයෙහි බැඳි, විවරණයෙක ද යෙදී
පළ කර සිරිසර, නුවණ, තිලක, සඟරා අරුතින් සුසැදි
යෙදෙමින, අඩ සිය වස්, සුවිසෙස්, මෙහෙයක දෙස, බසට ලැදි
ඔබ වැඩු අභිමානය, දැය තුළ පවතියි, සදහට ම රැදි
ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ

හෙළ දෙස තොරතුරු හැඩට ලියූ ඔබ
හෙළ බස විසිතුරු කැර හෙබවූ ඔබ
හෙළ දන මන විරු හැඟුම් කැවූ ඔබ
හෙළ දිව මහ නවකතාකරු යි, ඔබ
ඩබ්ලිව් ඒ සිල්වා මැතිඳේ
ඔබ නම හෙළ දැය තුළ වොරැඳේ

(රචනය- ආචාර්ය තමාරි තිලකවර්ධන)