මෙම ලිපිය මඟින් ප්‍රවීණ සිංහල නවකතාකරුවකු වන ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ සාහිත්‍ය ගමන්මඟ සහ ශ්‍රී ලාංකේය සාහිත්‍යයට සිදු කළ සුවිශේෂී දායකත්වය පිළිබඳ විමසා බලයි. එතුමාගේ මුල්කාලීන ලේඛන කටයුතු, පුවත්පත් ලිපි, සංස්කාරක ජීවිතය සහ නවකතාකරණයේ සුවිශේෂී ලක්ෂණ මෙහිදී අවධානයට ලක් වේ. විශේෂයෙන්ම එතුමාගේ ප්‍රකට ඓතිහාසික නවකතාවක් වන ලක්ෂ්මි කෘතියේ පසුබිම, කතා තේමාව, භාෂා ශෛලිය, එදා සමාජයෙන් ලැබුණු ප්‍රතිචාර සහ පසුකාලීන ලේඛකයන් කෙරෙහි ඇති කළ බලපෑම පිළිබඳව ද මෙහි විස්තර කෙරේ. එසේම පැළෑණේ ශ්‍රී වජිරඤාණ හිමියන් සමඟ පැවති සමීප ඇසුර සහ සාහිත්‍ය නිර්මාණයේ ස්වාධීනත්වය හා නිර්මාණශීලීත්වය පිළිබඳ එතුමාගේ අදහස් ද මෙම ලිපියෙන් ඉස්මතු කරයි.
රවි තිලකවර්ධන
බාගත කරන්න