නූතන සිංහල සාහිත්‍යයේ ප්රමුඛ ලේඛකයකු වූ ඩබ්ලියු. ඒ. සිල්වාගේ පුවත්පත් හා සඟරා සංස්කරණ මෙහෙවර සහ සිංහල භාෂා සාහිත්‍යයේ දියුණුවට ඔහු කළ දායකත්වය මෙම ලිපියෙන් විමසා බැලේ. දශක තුනකට ආසන්න කාලයක් පුරා පුවත්පත් හා සඟරා සංස්කරණයේ නිරත වූ ඔහුගේ කර්තෘත්වයෙන් පළ වූ ‘සිරිසර’, ‘ලංකා සමය’, ‘නුවණ’ සහ ‘තිලක’ යන ප්‍රකාශන පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කරයි. එම ප්‍රකාශන ඔස්සේ සිංහල පාඨක සමාජය පුළුල් කිරීම, සාහිත්‍ය නිර්මාණ ප්‍රචලිත කිරීම, භාෂා භාවිතය වැඩිදියුණු කිරීම සහ සමකාලීන සමාජ, දේශපාලන හා සංස්කෘතික සංවාද පෝෂණය කිරීම සඳහා ඔහු දැක්වූ දායකත්වය මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
ආචාර්ය සඳගෝමි කෝපරහේවා
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
බාගත කරන්න