ඩබ්ලිව්. ඒ. සිල්වාගේ විශිෂ්ට ඓතිහාසික නවකතාවක් වන ‘විජයබා කොල්ලය’ හි සාහිත්‍යමය, ඓතිහාසික හා සමාජීය වැදගත්කම මෙම ලිපියෙන් විවරණය කරයි. නවකතාවේ චමත්කාරජනක කතා විකාශය, සංකීර්ණ ඓතිහාසික පසුබිම සහ අසංග හා කුටිඤ්ඤා පියතුමා වැනි උදාර චරිත ඔස්සේ මනුෂ්‍යත්වය, කරුණාව හා සදාචාරාත්මක වටිනාකම් මතු කරයි. එමෙන්ම සිංහල, පෘතුගීසි හා මුස්ලිම් ජන කොටස් අතර පැවති ඓතිහාසික සබඳතා, ආගමික සහජීවනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම ද සාකච්ඡා කරයි. අතීත ඓතිහාසික කරුණු වර්තමාන සමාජ යථාර්ථය සමඟ සම්බන්ධ කරමින් ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් සාහිත්‍යයේ ඇති බලය මෙම ලිපියෙන් අවධාරණය කරයි. අවසානයේ ‘විජයබා කොල්ලය’ ඓතිහාසික නවකතාවකට එහා ගිය මනුෂ්‍යත්වය, සංස්කෘතික අවබෝධය හා සාමකාමී සහජීවනය පිළිබඳ වටිනා පාඩම් රැසක් ගෙන එන වජ්ර පුස්තකයක් ලෙස හඳුන්වා දෙයි.
කැත්ලීන් ජයවර්ධන
බාගත කරන්න