W A Silva Foundation

දැක්ම 

ඩබ්ල්යු. එ්. සිල්වා විසින් සිදු කරන ලද විශිෂ්ට ජාතික මෙහෙවර තව දුරටත් ඉදිරියට ගෙන යමින් මතු පරපුර වෙත ඔහු ගේ නිර්මාණයන් ගේ ප‍්‍රතිලාභ උරුම කර දීම ඩබ්ල්යු. එ්. සිල්වා පදනමේ ප‍්‍රධාන දැක්ම වේ. 

අරමුණු ඩබ්ල්යු. එ්. සිල්වා ගෙන් භාෂාවට හා සාහිත්‍යයට සිදුවූ ජාතික සේවාව තව දුරටත් ව්‍යාප්ත කිරීම. ඩබ්ල්යු. එ්. සිල්වා පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම. 

ඩබ්ල්යු. එ්. සිල්වා විසින් රචිත පොත් පත් තවදුරටත් ප‍්‍රචාරය කිරීම හා විවිධ භාෂාවලට පරිවර්තනය කිරීම. ඉහත සඳහන් තොරතුරු ගුවන් විදුලි, රූපවාහිනී, සිනමා සහ විද්‍යුත් තැපැල් ආදී නවීන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම. 

ඩබ්ල්යු. එ්. සිල්වා සහ ඔහු විසින් කරන ලද මෙහෙය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම. 

ඩබ්ල්යු. එ්. සිල්වා ජීවත් වූ කොළඹ වැල්ලෙවත්තේ පිහිටි ”සිල්වර් මියර්” නම් නිවස ජාතික වස්තුවක් වශයෙන් සංරක්‍ෂණය කිරීම හා එ මගින් භාෂා-සාහිත්‍ය පුස්ථකාලයක්, භාෂා-සාහිත්‍ය කෞතුකාගාරයක් හා ඉපැරැණි කොළඹ පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ස්ථාපිත කිරිම.

නිලධාරි මණ්ඩලය 

  • සභාපති/අධ්‍යක්‍ෂ ශාස්ත‍්‍රපති පුජ්‍ය වතවන සිරිසුමන හිමි, ශ‍්‍රි සද්ධර්මාරාම මහා විහාරය, වැල්ලවත්ත. 
  • උප සභාපති  ඉන්ද්‍රානි ද සිල්වා මහත්මිය
  • උප සභාපති මහාචාර්ය හර්ෂ සෙනෙවිරත්න මහතා
  • භාණ්ඩාගාරික නීතිඥ කෝණාර කරුණාරත්න මහතා
  • නීතිඥ රවි තිලකවර්ධන මහතා