ඩබ්ල්යු. ඒ. සිල්වාඑදා කියූ කතාවක්

ඒ.ඩී. රන්ජිත් කුමාර

මෙම ලිපිය මුලින්ම සත්මඩල පුවත්පතේ පළවිය.

මම මගේ දියණියකට වගේ කැලෑ හඳට ආ‍දරෙයි. අද ඔබට ඇය විවාහ කර දෙනවා” යි සිල්වා සූරීන් භෝජන සංග්‍රහය අවසානයේ සියල්ලන් හිනස්සමින් කියා ඇත.

මරදාන ටවර් නෘත්‍ය ශාලාවේ ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යය නරඹමින් සිටි චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අසල අසුනේ තවත් මහත්මයෙක් වාඩි වී සිටියේය. විවේක කාලයේදී මීට ඉහත ජයමාන්න නොහඳුනන මේ මහතා ඔහු හා මිත්‍ර වී කතාවකට මුලපිරී ය.

“ජයමාන්න මහත්තයා චිත්‍රපටගත කරන්නේ ඔබ ලියූ මිනර්වා නාට්‍ය පමණ ද?” “නැහැ මහත්මයා, මගේ අලුත් චිත්‍රපටය සඳහා අවශ්‍ය කතාවක් ගැන මම විපරමින් සිටින්නේ. චිත්‍රපටයකට නඟන්න හොඳ නවකතාවක් ඉල්ලලා මම කමර්ෂල් රේඩියෝ එකේ (ගුවන්විදුලියේ වෙළෙඳ සේවයට) මම දැන්වීමකුත් දැම්මා. පොත් හුඟාක් ආවා. වැදගම්මකට නැහැ.”

“ඇයි, ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගේ හොඳ නවකතා තියෙන්නේ? ‘කැලෑ හඳ’ වගේ කතාවක් හොඳ නැද්ද?”

“කැලෑ හඳ පංකාදු නවකතාවක් නොවැ. මේ දවස්වල සිංහල ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයටත් නියමිත නේ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සිල්වා මහත්තයා හරියට බර්නාඩ් ෂෝ වගේලු. කිව්වොත් කිව්වමලු. වචන දෙකක් නැහැ.” “ජයමාන්න මහත්තයා ඔය තරම්ම ‘කැලෑ හඳ’ට කැමැති නම් මට පුළුවනි උපකාර කරන්න. සිල්වා මහත්තයා මගේ මිත්‍රයෙක්.”

එදා 1951 වසරේ අගභාගයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට හමු වූ මේ අමුත්තාගේ නම මාතර කේ. එච්. ඒ. ධර්මසේකර ය. පසු කලෙක ‘කතා රජ කතාව’ නම් ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ අපදාන කතාව ලියා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ඔහු ය.

එදා කතා කරගත් ආකාරයට ධර්මසේකර කපුකම කිරීමට බාර ගත්තේය. සිල්වා සූරීන් හා ජයමාන්න අතර ලිපි හුවමාරු විය.

“කැලෑ හඳ නවකතාව මට පවරා දෙන්නේ නම් මෙතෙක් සිංහල සිනමාවට ආ චිත්‍රපට සියල්ල පරදවන චිත්‍රපටයක් නිපදවන්නම්.”

ජයමාන්න සිල්වා සූරීන්ට ලියූ අවසාන ලිපියේ සඳහන් කළේය.

සියල්ල නිසි ලෙස සිදු විය. කැලෑ හඳ නවකතාව සිනමාවට නැඟීමට ‍තීරණය විය. මේ සියලු කටයුතුවල ‘නිශ්ශබ්ද වීරයා’ වූයේ ධර්මසේකරයන් ය. සිල්වා සූරීන්ගේ ඇරියුම පරිදි ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි හා ධර්මසේකර සිල්වා සූරීන් පදිංචිව සිටි දියතලාවේ ‘ද නූක්’ නිවෙසට ගිය ගමන ධර්මසේකරයන් තමා ලියූ ‘කතා රජ කතාව’ කෘතියේ එදා තිබූ භෝජන සංග්‍රහය ගැන විස්තර වන්නේ මෙසේය.

“එළු මස්, කුකුළු මස්, හරක් මස්, ඌරු මස් යන සිව් වැදෑරුම් ගොඩ මසින් ද, තෝර මාළු, බල මාළු, මූදු ඉස්සන් යන තෙවැදෑරුම් දිය මසින් ද, ගෝවා, බෝංචි, කැරට්, මුරුංගා යන සිව් වැදෑරුම් එළවළු යෙන් ද, සීනි සම්බෝලයකින් හා ලූනු මිරිස් අච්චාරුවකින් ද, පලතුරු සලාදයකින් ද සමන්විත වූ විසිතුරු කෑම මේසය මුළුමනින් ම අප කතානායක (සිල්වා මහතා) අතින් පිළියෙල වූයේය. කුඩා කොල්ලකුගේ උදව් පමණක් ඇතිව මේ සියලු රසමසවුළු ඔහුගේ ම දෙඅතින් ඉවුම් පිහුම් කෙරුණු කාරණය ඉතාම පුදුමයකි.”

“මම මගේ දියණියකට වගේ කැලෑ හඳට ආ‍දරෙයි. අද ඔබට ඇය විවාහ කර දෙනවා” යි සිල්වා සූරීන් භෝජන සංග්‍රහය අවසානයේ සියල්ලන් හිනස්සමින් කියා ඇත. කැලෑ හඳ සිනමාවට නැඟීමට පෙර එහි ප්‍රධාන චරිතය වූ මාලිනි ලෙස රඟපෑ රුක්මණී දේවියට සිල්වා ශූරීන් උපදෙස්දී ඇත චිත්‍රපට ගත කිරීම් කළ මදුරාසියේ සිටිඩ්‍රල් චිත්‍රාගාරයට ද ඔහු ගොස් රූපගත කිරීම් නිරීක්ෂණය කර ඇත. අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තමා ඊට පෙර නිෂ්පාදන අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට වඩා රුපියල් ලක්ෂ 1 1/2 ක් වැඩිපුර වියදම් කර නිපදවූ කැලෑ හඳ චිත්‍රපටයේ එන ඇ‍ඩා ජයපාල නිතර හිඳ සිටින කළුවර ලීයෙන් තැනූ නාග පුටුව ගැන සිල්වා සූරීන් විශේෂයෙන් සැලකිලිමත් වී ඇත.

මේ නාග පුටුව සෑදීමට කලා අධ්‍යක්ෂ කේ. ප්‍රභාකර්ට මාස එකහමාරක් ගත වූ බව වාර්තා වේ.

චිත්‍රපටයේ නන්දරාල ලෙස රඟපෑ අධ්‍යක්ෂ ජයමාන්න චිත්‍රපටයේ කැපී පෙනෙන නළුවා වූ අතර ඔහු 1956 මුල්වරට පැවැත්වූ දීපශිකා සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස ද, මාලිනී ලෙස රඟපෑ රුක්මණී දේවි ජනප්‍රිය චිත්‍රපට නිළිය ලෙස දිනමිණ චිත්‍රපට තරගයෙන් සම්මාන දිනා ගත්හ. ජෝන් ජයපාලගේ චරිතයට වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි ස්ටැන්ලි පෙරේරා තෝරාගත් අතර, ඇඩා ජයපාලගේ චරිතයට මිලී කහඳවල හා ඩේසි අත්තනායකගේ චරිතයට රීටා රත්නායක ද රඟපෑමට බී. ඒ. ඩබ්ලිව්. තෝරා ගත්තේය. මේ නළු නිළියන් නවක අය වීම තවත් විශේෂයකි.

කැලෑ හ‍ඳේ එඩී ජයමාන්නට සුදුසු චරිතයක් නොවීය. මේ නිසා කනස්සල්ලට පත් එඩී, සුපුරුදු විකට යුවල බී. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපටයක නැති වීම වාණිජ අතින් අසාර්ථක වීමට හැකි යයි තර්ක කර ඇත. බී. ඒ. ඩබ්ලිව් මේ බව සිල්වා සූරීන්ට සැලකර විට ඔහු කෝපයට පත් විය.

“ඔය අදහසට මම කොහෙත්ම කැමැති නෑ. එහෙම කළොත් මගේ කතාවට වන්නේ බලවත් හානියක්” සිල්වා ශූරීන් කියා ඇත.

“අපි කතාවට හානියක් නොවන ලෙස අන්ද්‍රා හා මිසීගේ චරිතය යොදා ගමු.”

අධ්‍යක්ෂවරයාගේ හඬට ඇහුම්කන් දුන් සිල්වා සූරීන් අන්ද්‍ර හා මිසීගේ චරිතය උචිත දෙබස් ‍ටික් ලියාදී ඇත. මිසී ලෙස රඟපෑවේ මේබල් බ්ලයිත් ය. චිත්‍රපටයේ එන සංගිලි පාලම ලංකාවේ අරණායකදීම රූපගත කළ යුතු බවට සිල්වා ශූරීන් කොන්දේසියක් පනවා තිබිණි. එය එසේම සිදු විය. අරණායක, මීගමුව, කටාන, මා ඔය ගඟ ඇත්ගාල යන ප්‍රදේශවල දර්ශන රූගත කිරීමට ද්‍රවිඩ කාර්මික පිරිස ලංකාවට පැමිණ ඇත.

1933 වසරේ සිල්වා සූරීන් රචනා කළ ‘කැලෑ හඳ’ නවකතාව 1953 වසරේ තිරගත විය. චිත්‍රපටයේ ගීත අතිශයින්ම ජනප්‍රිය වීය. විශේෂයෙන් රුක්මණි දේවිත්, මොහිදින් බෙග් ගැයූ ගීත එදා සිනමා රසිකයන්ගේ තුඩ තුඩ රැව් දුන් බව එදා සිටි වැඩිහිටියන් කියන කතාවලින් මොනවට පැහැදිලි වේ. ‘මැවිලා පෙනේවි රූපේ’, ‘දෙවා ගිනි මවා දුක්’, ‘අන්න සුදෝ අර පාට වලා’, ‘මගෙය ප්‍රේම මාලිනි’, ‘පෙම් අමධාරා’ මේ ගීත අතර ප්‍රධාන ය. හින්දි ගීත තනු ඇසුරෙන් හර්බට් එම්. සෙනෙවිරත්න ලියූ ගීත එස්. එස්. වේදා සංගීතවත් කර තිබිණි.

‘කැලෑ හඳ’ චිත්‍රපටය අතිශයින් ජනප්‍රියව ආදායම් උපදවමින් තිරගත වුවද විචාරකයන්ගේ දැඩි විචාරයට ලක්වී ඇත. ‘සංස්කෘති’ සඟරාවට විචාරයක් ලියූ ගණනාථ ඔබේසේකර ‘කැලෑ හඳ’ නරක චිත්‍රපටයක් ‍බවත්, තමා දුටු පහත් නිෂ්පාදනයක් බවත් කියා තිබිණි. ගුණදාස අමරසේකර පසු කලෙක සරසවිය සිනමා වාර්ෂිකයට (1964) පවසා තිබුණේ මෙසේය.

“සිංහල චිත්‍රපටි අතරින් මා දැක ඇත්තේ ඉතා සුළු ගණනක් පමණි. ‘කැලෑ හඳ’ චිත්‍රපටය බැලීමට යෑමෙන් පසු මම ජනමාන්නලාගේ චිත්‍රපට බැලීමට නොගියෙමි.”

විමල් අභයසුන්දරයන් කියා තිබුණේ වෙනස් මතයකි.

“දෙතුන් වතාවක්ම ‘කැලෑ හඳ’ කියවා මා ‘කැලෑ හඳ’ චිත්‍රපටය නැරඹුවේ අපූර්ව චමත්කාරයක් ලබමිනි. ග්‍රන්ථ රූපයේ රස නිෂ්පාදනය චිත්‍ර රූපයේ රස නිෂ්පාදනයට වඩා උසස් යැයි මට සිතිණි. කියැවීමෙන් ලැබූ ආහ්ලාදය මගේ සංවේදිතයෙහි තරයේ බැඳී සිටි හෙයිනැයි හිතමි.”

සිල්වා සූරීන් නවකතා ලියූවේ සිනමාවට නැඟීම උචිත ලෙස බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. ඔහුගේ නවකතා කිහිපයක්ම සිනමාවට නැඟී ඇත. ‘කැලෑ හඳ’, ‘රදල පිළිරුව’, ‘දෙයියන්නෙ රටේ’, ‘දෛවයෝගය’, ‘සිරියලතා’, ‘හඳපාන’, ‘හිඟන කොල්ලා’ හා ළඟදි තිරගත වන ‘විජයබා කොල්ලය’ ද මේ අතර කැපී පෙනෙයි.

එදිරිවීර සරච්චන්ද්‍රයන් 1951 ලියූ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ ග්‍රන්ථයේ මුල්වරට සිල්වා සූරීන්ගේ කෘතිවල ඇති සිනමාත්මක ලක්ෂණ ගැන ඉඟියක් කර තිබිණි.

“කැලෑ හඳ සිල්වා මහතාගේ නොවටනාම කෘතියයි හැ‍ඟේ. කතා නායිකාව වන මාලිනීගේ චරිතය නිරූපණය කරමින් ආරම්භ කරන ලද මේ කතාව ඉක්මනින් හොලිවුඩ් චිත්‍රපට හෑල්ලක තත්ත්වයට පිරිහෙයි. මේ කතාව අභව්‍ය සිදුවීම්වලින් හා දෛවයෝගවලින් ද අනූන ය.”

විචාරකයන් අභව්‍ය සිදුවීම්වලින් ගහන බව කියද්දී පණ්ඩිත ගුණපාල සේනාධීරයන් ‘කැලෑ හඳ’ හිදී මාලිනි ලවා සිය පණ නසාගන්නට සැලැස්වීම මැයකොට ගනිමින් එකල පුවත්පත් මඟින් පැවැත්වුණු වාදයක් ගැන ආවර්ජනය කර ඇත. එහිදී එක පක්ෂයක් ‘කැලෑ හඳ’ කතුවරයා මාලිනියට එබඳු ඉරණමක් අත්කැරදීම බලවත් වරදෙකැයි කියා ඇති අතර දිනෙක මේ පිළිබඳ වැ සිල්වා සූරීන්ගේ අදහස ගුණපාල සේනාධීරයන්ගේ අදහස විමසා ඇත.

“වෙන මොනවද අයිසේ, ඒකිට කරන්න තිබුණෙ? එහෙන් අර උද්ධච්ච අම්මණ්ඩි (ජයපාල මැතිනිය) පුතාගේ (ජෝන් ජයපාල) මහන්තත්තේ පරිස්සම් කර දෙන්ඩ ඒකව කන්න හදනවා. මෙහෙන් මේ සෙවෙලයා (ජෝන්) ඇගේ පස්සෙන් එලවනවා. බේරුමක් නෑ. ඒ සේරටම වැඩිය අර වලව්කාරි (ජයපාල මැතිනිය) ඇවිත් මේකිට කරපු කන්නලව්ව කොච්චර බරපතළ එකක් ද, මාලිනි වගේ ගමක ලැජ්ජා බය ඇතිව හැදුණු ගෑනියකුට? ගෑනියෙක් තවත් ගෑනියකට ඒ වගෙ ඉල්ලීමක් කළාම මොන හැදිච්ච ගෑනිට ද ඒක තකන්නෙ නැතිව ඉන්ඩ පුළුවන් වෙන්නෙ? මේ වගේ කරුණුවලදී අපට අහසින් වැටිච්ච මිනිස්සු වගේ යමක් දිහාව බලන්න බෑ. මේක බලන්න ඕනෑ මාලිනිගෙ අච්චුවෙ ගෑනියකගේ තත්ත්වෙ ඉඳගෙන. අන්තිමට වුණේ අල්ලපු ‍අත්තත්, පය ගහපු අත්තත් කියන දෙකම නැති වුණ එක. සැනසිල්ලේ ජීවත් වෙන්න තියා මැරෙන්නවත් ඈට නිදහසක් තිබුණ ද?”

“‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය රඟපෑ රුක්මණී දේවි ගැන ද ගුණපාල සේනාධීරයෝ මෙසේ කියා තිබිණි. එය රංගනයට පිවිසෙන, පිවිසි නිළියන්ට අපූරු උපදෙසකැයි අපට සිතිණි.

“මේ පුවත මට ‘ඩබ්. ඒ.’ ගෙන් දැනගන්නට ලැබුණේ ‘කැලෑ හඳ’ චිත්‍රපටය පිළිබඳ ‘මුහුර්ත මංගල්‍යය’ සිදුවීම පිළිබඳ පුවත, පත් මඟින් දැනගන්නට ලැබුණු අලුත දිනෙකය. එදින සිල්වමියරයෙහි ඩබ්. ඒ. හමු වූ මම මේ පිළිබඳ එක්තරා තොරතුරු එතුමාගෙන් විමැසීමි. මුහුරත් මංගල්‍යයෙන් පසු විවේක නිකේතනයක සාදයක් චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම විසින් පවත්වන්නට යෙදිණ. මේ හමුවෙහිදී රුක්මණී දේවිය තමා ඉදිරියට අවුත් දණින් වැටී තම දෙපා වැඳි බව කීයේ දුක්බර සිතිනි. එහිදී ‘ඩබ්. ඒ.’ මතුකර කීයේ ඇගේ ගුණවත් බව ය. නළුකම වැනි රැකියාවකට පිවිසුණ ද ඇය යහපත් මව්පියන් ඇසුරෙහි හැදුණු වැඩුණු ආචාරශීලි කාන්තාවක බව තමාට එදා වැටහුණු බව ‘ඩබ්. ඒ.’ සඳහන් කළේය.”

අවසාන වශයෙන් කරුණාසේන ජයලත් කී මේ ප්‍රකාශයෙන් ලිපිය අවසන් කරමි.

“ඩබ්ලිව්. ඒ. සිල්වාගෙන් සිංහල සිනමාවට සිදු වූ සේවාව මීට වඩා පුළුල් ලෙසත්, ක්‍රමවත් ලෙසත් සාකච්ඡාවට භාජන විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි.”

ඡායාරූප පිටපත් කිරීම – ලාල් සෙනරත්

සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’

ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම – ලාල් සෙනරත් 

‘සිරිපා මළුවට පිවිසෙන මොහොත වන්දනාකාරයනට හැම දෙයක්ම මතක නැති කරවන මොහොතකි. දින ගණනක් මුළුල්ලේ නොයක් ගැහැට විඳිමින් කන්නට නැතිව – නිදන්නට නැතිව – යන්නට බැරිව – නොයෙක් දුක් විඳිමින්, මුදුන් පමුණුවන ලද අදහස් ඇති බැවින් මේ මොහොත ඔවුනට එසේ වීම පුදුමයක් නොවේ. තවද, මේ මොහොතේ දී ගුරා හෙවත් නඩනායකයා දිනන ලද බළකොටුවකට සෙබළුන් ගෙන්වන සෙනෙවියකු මෙන් මළු දොරකඩ සිට, නොයෙක් කන්කලු බසින් සිය අනුවරයන් සිත පණ පොව – පොවා, අත දෙමින් මළුවට ඇද ලන්නේය.  මීට හරියටම වසර 90කට පෙර 1927 දී මහා නව කථාකරු ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් විසින් ලියන ලද ‘දෙයියන්නේ රටේ’ නවකථාවට වස්තු විෂය වී ඇත්තේ සිරිපාද අඩවියයි. මීට වසර අනූවකට පෙර කතුවරයා සියැසින් දුටු සිරිපා අඩවියේ සිරිය මෙන්ම කටුක දුෂ්කර ගමන මේ නවකතාවෙන් අපූරුවට විද්‍යාමාන වෙයි. සිරිපා වන්දනාව අාරම්භ කොට ඇති මේ සමයේ ‘දෙයියන්නේ රටේ’ නවකථාවෙන් මතුවන එදා රසය තවත් වැඩිවෙනු ඇත.  ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා ‘දෙයියන්නේ රටේ’ පළමුවෙන්ම ලියා කොටස් වශයෙන් පළ කර ඇත්තේ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේය. මේ නවකතාව ලිවිමට ඔහුට අත්දැකීම ලැබුණේ කෙසේදැයි වරක් ඔහු සඟරාවකට ලියා තිබුණි.  මැණික් ගරන්නන් හා ගවරවිල කන්දේ ගත කළ දවස් කීපයක් තුළදී, ලක්දිව නොයෙක් තැන්වල හොරෙන් මැණික් ගැරීම කළ පුද්ගලයන් පිළිබඳ පුදුම කතා සිල්වා මහතාට අසන්නට ලැබී තිබුණි. ගවරවිල කන්ද ගණ කැලයෙන් ගැවසි මහා වනයකි. දිය සෙවෙල් හා පාසි බැඳුණු ගස්වලින් මහා දවාලේ පවා නිබඳ කාන්දු වෙන දිය ඇති බවත්, සඳහන් කර ඇති කතුවරයා සමනොළ මුදුනේ සතියක් ගත කර ඇත.  ඔහු මෙසේ ද කියා ඇත.  ‘දෙයියන්නේ රටේ සිරිපාද අඩවිය ගැන කරන විස්තරය හැටන් පැත්තෙන් මෙන්ම රත්නපුරා පැත්තෙන් ද මම කිහිපවර සිරිපාදේ ගිය පුරුද්ද ඇත්තෙක්මි. එපමණක් ද නොව, විනෝද ගමන් වශයෙන් ඒ අවට කැලේ කිහිප දින දින හැසිරවෙමින් නතරව සිටියෙමි. සිරිපාදයට නැගෙනහිරින් පිහිටි ගවරවිල කන්දේ පවා මැණික් ගැරුම් කළ පිරිසක් සමඟ සතියක් නතරව සිටියෙමි. ‘දෙයියන්නේ රටේ’ ස්ථාන හා අවස්ථා සම්පාදනයට මේ ගමන්වලදී සියැසින් දුටු දෙය මට ඉතා උපකාරවත් විය.  ‘දෙයියන්නේ රටේ’ නවකතාවට පසුබිම් වී ඇති කෙසෙල් පතන නමින් බොරුවක් වුවද ඇත්තටම පැවති ගමක් බව කතුවරයා කියයි. ඒ ගම් හා ඒ ගම්වැසියන් මෙන්ම හොඳට යථා තත්ත්වයෙන් නිරූපණය වූ සිතියමක් වෙන අන් තැන සිය බසින් දක්නට නොලැබෙන තරම් බව ඔහු වැඩිදුරටත් කියා ඇත.  1956 වසරේ පියදාස සිරිසේන මහතාගේ ‘ඩිංගිරි මැණිකා’ නවකතාව සිනමාවට නැඟූ නීතිඥ ඇස්.ඩී.ඇස්. සෝමරත්න 1958 වසරේ සිල්වා සූරීන්ගේ’ දෙයියන්​ෙන රටේ’ තෝරා ගත්තේය. මෙහි කතාව විකාශනය වෙන්නේ මෙසේය.  කොහෙල්පතන පිටිසර ගමකි. මේ ගම ගම්මුන් අතර ප්‍රසිද්ධ වූයේ ටියුඩර් පීරිස් නිසාය. ඔහු පන්සලේ පවත්වන දේශන නිසා ගම්මු දැනුවත් වූහ. සදාචාරත්මක වූහ. ටියුටර්ගේ කතා මෙන්ම යහපත් කල් ක්‍රියාවට කැතරින් පතිරණ ප්‍රියමනාප වූවාය. මුලදී අග හිඟකමින් පෙළුණු පතිරණ හාමිනේ එනම් කැතරින්ගේ මවට රේස් දිනුමකින් ලැබුණු මුදල් නිසා වෙනස් වීමට පටන් ගත්තාය. මේ තත්ත්වය උදා වූයේ කැතරින් හා ටියුඩර්ගේ විවාහ ගිවිසුමට ඇය අකමැති වීමෙනි. කැතරින් එක හිතින්ම සිටියත්, මව​ෙග් බලවත් ප්‍රයත්නයත් බලකීරීමත් නිසා ඇය ගුණපාල හා විවාහ ගිවිස ගන්නේ අකමැත්තෙනි. ගුණපාල ගමේ බලවතෙකි. සල්ලි භාගය ඇත්තෙකි. පොර කුකුළන් කෙටවීමට, සමාජ ශාලාවල නළඟනන් හා නැටීමට ඔහු ප්‍රිය කළේය.  

තුවක්කුව, බිලීපිත්ත හා කඩදාසි කුට්ටම ඔහුට හොඳට පළපුරුදු බඩු තුනකි. කිසිම ඉගෙනීමක් නැති බිය සුලු, ධනවතෙකු වූ ගුණපාලට තමා පාවා දීමට තම මව උත්සුක වෙන්​ෙන​් මන්දැයි කැතරින්ට ප්‍රහේලිකාවකි. අම්මාගේ කීමට එකඟ වී ටියුඩර් අතහැර ගුණපාල වෙත කැමැත්ත දුන්න ද කැතරින්ගේ හිත තිබුණේ ටියුඩර් වෙතය. ආදරය අහිමි වූ ටියුඩර් ගම ද අතහැර ශ්‍රී පාද අඩවියට කිට්ටුව තිබූ ගවරවිලට යන්නේ මැණික් ගැරීමටය. එහි දී ඔහු කැතරින් ගැන දුක් වෙමින් ජීවත් වෙයි.  මේ අතර ගමේ පැරණි ගුරුවරයකු වන්දනා නඩේ ගුරෙකු වූ බබානිස් සමඟ පතිරණ හාමිනේත්, කැතරින් හා ගුණපාලද ශ්‍රීපාද වන්දනාවේ යති. බබානිස් ගුරා සමඟ හැම විටම ගැටෙන ගුණපාල මේ ගමනේදී කට වරද්දා ගනී. ශ්‍රීපාද වන්දනා කොට බිමට බසින අතරේ පතිරණ හාමිනේට පාර වැරදී ගවරවිල කන්ද පැත්තට යන්නීය. කැතරින් තම මව සොයා අවදානම් ගමනක් යන අතර ගුණපාලද අකමැත්තෙන් ඇය පසුපස යයි. කැලේදී අවතාරයක් දැක ගුණපාල කැතරින් අතහැර ආපසු දුවයි. ගවරවිල කන්ද අසලදී අතරමං වූ පතිරණ හාමිනේ ටියුඩර්ට හමුවෙයි. ඊළඟට කැලයේ ක්ලාන්ත වී වැටී සිටි කැතරින් ටියුඩර්ට හමුවෙයි. ඇයට සිහි ලැ​ෙබන විට ටියුඩර් දැකීමෙන් ඇය බියටත්, පුදුමයටත් පත්වෙයි. කැතරින් විවේක ගන්වා ටියුඩර් ගුණපාල සොයා යයි. ගුණපාල විඩාබරව සිටින බව දැන ටියුඩර් ඔහු කර තබා වාඩියට ගෙන එයි. මේ එන අතරතුර ගුණපාල ටියුඩර්ගේ පිස්තෝල කොපුව හා එහි තිබූ අගනා මැණික සොරා ගනී.  වාඩියට පැමිණි ගුණපාලට වතුර පිපාසාව නිසා ටියුඩර් වතුර සෙවීමට යන අතර ගුණමකු ගුණපාල පිස්තෝල කොපුවේ ඇති මැණික ගැනීමට ඒ තුළට අත දමද්දී එහි විසකුරු සර්ප පැටියෙක් ඔහුගෙ ඇඟිලිවලට දෂ්ට කරයි. ටියුඩර් එන විට ගුණපාල මරණාසන්නව කෙඳිරිගාමින් සිටියේය. පිස්තෝල කොපුවේම සර්ප විෂ තිබූ එකම බෙහෙත් ගුලිය ගුණපාලට දෙන ලෙස කැතරින්ට දුන්නේය.  එ් අතර සර්ප පැටියා ලවා ටියුඩර් ද තම අතට දෂ්ට කරගෙන සිටියේය. තම අත තිබූ බෙහෙත් ගුලිය දිය කර ගත් පීරිසිය කැතරින් ටියුඩර්ට පෙවීමට යද්දී ගුණපාල එයට එරෙහිව පිරීසිය තමා වෙතට ඇද ගැනීමට ගත් උත්සාහයේදී සිදු වූයේ පීරිසිය බිම වැටීමය. ටියුඩර් හා ගුණපාල මියගිය පසු කැතරින්ද සර්පයා ලවා දෂ්ඨ කර ගනී.  ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ කැතරින් ලෙස පුණ්‍යා හීන්දෙණිය ද, ටියුඩර් ලෙස සේනාධීර කුරුප්පුත්, ගුණපාල ලෙස එඩ්වඩ් සේනාරත්න ද, පතිරණ හාමිනේ ලෙස මොනිකා කල්දේරා ද, බබානිස් ගුරා ලෙස ධර්ම ශ්‍රී කල්දේරා ද, බබම්මා ලෙස ලිලියන් එදිරිසිංහ ද රඟපෑහ. ජෙනී විලිප්‍රීඩා, චන්ද්‍රා පෙ​රේරා, ජෝසප් සෙනෙවිරත්න, පියදාස ගුණසේකර, ඩොමී ජයවර්ධන, රෝහිණී ජයකොඩි, බන්ධුල ශ්‍රී සරච්චන්ද්‍ර ද රඟපෑහ. ඇල්.ඇස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ දෙබස් රචනය ධර්ම ශ්‍රී කල්දේරා ගෙනි. සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාල ගෙනි. කරුණාරත්න අබේසේකර ගීත රචනා කළේය. ඇස්.ඇස්. නාදන් කැමරා ශිල්පියාය.  මේ චිත්‍රපටයේ ගීත ජනප්‍රිය වී ඇත. ‘සිරි පාද හිමේ දෙයියන්නේ රටේ මේ ශාන්ත උදේ සුර්යෝදේ’ (ගායනය – මොහිදින් බෙග්) ‘සීත සුනිල් දිය දහරා ළා නිල් කඳු මනහාරා’ (ගායනය ජෝතිපාල)  මොහිදින් බෙග් ගැයූ ‘හිම බිම පාලන සුරිදේ’ බෙග් හා ජී.එස්.බී. රාණි ගැයූ ‘රැල්ලේ කිරි වැල්ලේ – හාදු දේවී’ බෙග් හා පිරිස ගැයූ ‘මොකටද කාසි බාග සොයා තියා’ රාණි ගැයූ ‘අම්මාගේ කීම අහලා’ ලතා, ඉන්ද්‍රාණි හා ධර්මදාස ගැයූ ‘සීත ගඟුලේ සීත හිමේ’ යන ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත. 1958 මැයි 01 මේ චිත්‍රපටය තිරගත විය.   

  මේ චිත්‍රපටයේ කැතරින් ලෙස රඟ පෑ පුණ්‍යා හීන්දෙණිය අපට කීවේ, 1957 වසරේ චිත්‍රපට නිෂ්පාදක නීතිඥ සෝමරත්න මහතා හමුවට තම ඥාතියෙකු සමඟ ගිය අතර කිසිදු පරීක්ෂණයකින් තොරව තමාව කැතරින් ලෙස තෝරා ගත් බවය.  ‘මේ චිත්‍රපටයට ආගමික භක්තිය සම්මිශ්‍රණය වීම එක්තරා ආශිර්වාදයක් වුණා. එ් චිත්‍රපටයේ දර්ශන ගැනීම් සිරිපා අඩවියේ සිදු වුණේ. කරුණාවේ මහිමයට ක්ෂේත්‍රයක් වූ සිරිපා කඳු වැටියේ සිසිල් සුවය මට ආශිර්වාදය වුණා. දහ දොළොස් වතාවක් බුදු පහස ලද එම උතුම් ස්ථානයේ සිරිපා මළුවේ නගිමින්, බසිමින් එහි ගැවසීමෙන් බැති සිත් ඇතිව හැම දර්ශනයකටම මම මුහුණ දුන්නා.‘සුර රූ සමන් සමඟින් සුරඟන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර  එලෙස සැලළිහිණි ගීතයෙන් වැ​ෙනන සිරිපා මුදුනින් ඉරු සේවය අරඹන විට ඒ අතරින් මට කලා ලෝකය දකිනු හැකි වීම වාසනාවක් යි සිතෙනවා.  මහා නවකතාකරු ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරින්ගේ කතාවකින් චිත්‍රපට ජීවිතය ඇරඹූ තමා එතුමා බැති සිතින් සමරනු සඳහා මෙය උසස් අවසරයක් කොට සලකන බව පුණ්‍යා 1966 දෙයියන්නේ රටෙන් උපන් නිළිය’ නම් වසරේ ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ පළවූ ලිපියක සඳහන්ව තිබුණි.  ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ බබානිස් ගුරා ​ෙලස රඟපෑ ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතු ධර්ම ශ්‍රී කල්දේරා චිත්‍රපටයේ දෙබස් ද රචනය කළේය. ලංකා ගුවන් විදුලියේ පාලිත සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක ඔහු මෙසේ කියා තිබුණි.  නළුවෙකු හැටියට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මම රඟපෑවේ ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ. ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්මයාගේ නවකතාව ඇසුරෙන් නිෂ්පාදක නීතිඥ සෝමරත්නට වුවමනා වුණේ නවකතාවේ තිබුණ හැටියටම ලියලා චිත්‍රපටය කරන්නයි. එ් මහත්මයා හෙළදිව ෆිල්ම්ස් කියලා චිත්‍රපට සමාගමක් හැදුවේත් අපිට ආවේණික චිත්‍රපට වැඩි වශයෙන් නිර්මාණ කරන්නයි. මේ චිත්‍රපටයේ රඟපාන්න ගිහිල්ලා සේනාධීර කුරුප්පුටයි. (ටියුඩර්ටයි මටයි (බබානිස් ගුරා) ජීවිතේටම අමතක නොවන අත්දැකීමට මුහුණ දුන්නා. එදා රූ ගත කිරීම් යෙදී තිබුණේ සමනළ කන්ද අවටයි. එදා දර්ශන තලය සූදානම් කරලා කැමරාවට ගන්න සූදානම් කරල කැමරාවට ගන්න ඔන්න ​ෙමන්න කියලා තිබියදී හිටපු ගමන් මහා වැස්සක් කඩා වැටුණා. සේනාධිරයි, මමයි වැස්සෙන් ​බේරෙන්න එතැන තිබුණ පඳුරකට මුවාවෙන්න දුව ගෙන ගියා. ඒ එක්කම අ​ෙප් පය ලිස්සලා පහළට පෙරළෙන්න පටන් ගත්තා. අපට අතට අහුවෙන හැම දෙයක්ම අල්ලා ගන්න හැදුවත් හරි ගියේ නෑ.  අපිව පහළටම පෙරළිලා ගියා. කලින් ලිස්සුවේ සේනාධීරව. ඒක දැකලා එයාව බේර ගන්න ඉස්සරහට පනින කොටම මාවත් ලිස්සලා වැටුණා. එ්ත් හොඳ වෙලාවට හරහට තිබුණ ගල්පර්වතයක් ළඟ අපි දෙන්නම නතර වුණා. ඉළුක් පඳුරු තිබුණ හින්දා තුවාලයක් වුණේ නැහැ. ඒ වුණත් ඇඟ හැම තැනම කසන්න ගත්තා. අපි දෙන්නා ලිස්සලා වැටුණ බව කවුරුත්ම දැක්කේ නැහැ. අපිට උඩට එන්න උදව් කරන්න කියලා කෑ ගැහුවත්, කාටවත් අහිලා නැහැ. කවුරු හරි ඇවිල්ල කඹයක් වගෙ එකක් දාලා උඩට ගත්තේ නැත්නම් උඩට යන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. වෙන කරන්න ​ෙදයක් නැති හින්දා දෙන්නත් එක්කම කතා වෙලා තවත් පහළටම බැස්සා.’  

සේනාධීරයි, කල්​දේරයි දැනං ඉඳල නෑ ඒ දෙදෙනා කොතරම් පහළට අාවාද කියා. මේ දෙදෙනා කෙසේ හෝ උත්සාහ ගෙන ඇත්තේ අඩි පාරක් තියෙන තැනක් හොයා ගන්නය. ඔවුන්ට හොඳටම මහන්සි නිසා ටික වෙලාවක් වාඩි වී සිට, තවත් ටිකක් පහළට බැස්ස විට දොළ පාරක් හමු වී ඇත. එතැන කවුරු හෝ එන යන අඩි පාරක් හමු වී ඇත. ඒ දිගේ ගිය ඔවුනට ගල් ලෙනක් වගේ තැනක් දැක ගන්ට ලැබුණි. දිවියෙක්, කොටියෙක් වැනි නපුරු සතෙක් ඇතැයි සිතූ සේනාධීර එතනට යන්න බැහැ කියා ඇත.  ‘සමන් දෙයියන්නේ පිහිටෙන් එහෙම අපිට කරදයක් වෙන එකක් නැහැ’  කල්දේරා එසේ කියන විට සේනාධීරත් හිත හදා ගෙන ඇත.​ දෙදෙනාම ගල් ගුහාව ළඟට ගියහ. ඒ වෙලාවේ ඔවුන්ගේ ඇස් අදහා ගන්න බැරි වී ඇත. ගල් ගුහාවේ ගල් පොත්තක් උඩට වෙලා හිටියේ තරමක වයස් ගත මිනිහෙකි. වැරහැලි වගේ ඇඳුම් ඇඳගත්, මුහුණ පුරාම රැවුල වැවී තිබුණ මිනිහෙක් ඒ.  ‘එයා ටික වෙලාවක් යනකම් වචනයක් වත් කතා කළේ නැහැ. අපි දෙන්න කියන දේවල් ඔක්කොම මිනිහා අහගෙන හිටියා.  ‘අපේ කණ්ඩායම ඉන්න තැනට පාර පෙන්වන්න’ කියලා මම කිව්වා.  ඒ තැනැත්තා ඉස්සර වෙලා ඇවිත් කන්දට නගින පඩි පෙළක් පෙන්නලා ආයෙත් සමනල කන්දටම වැදිලා නොපෙනී ගියා. අපි බොහොම අමාරුවෙන් ඒ පෙන්නපු පාර දිගේ අපේ අය හිටපු තැනට එනකොට නිෂ්පාදන කණ්ඩායම බය වෙලා. ඩොමී ජයවර්ධන තව පිරිසක් සමඟ අපි සොයා ගෙන ආවා. දවස් කිහිපයකට පස්සේ දර්ශන අරන් ඉවර වෙලා එ් අමුත්තාව බලන්න අපි කිහිප දෙනෙක් එක්ක පල්ලෙහාට බැස්සා. ඒ වුණාට එහෙම කෙනෙක්වත් ගල් ගුහාවක්වත් හොයා ගන්න බැරි වුණා.’ ධර්ම ශ්‍රී කල්දේරා කියා ඇත.  මේ චිත්‍රපට​ෙය​් ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙක් වන බන්දුල ශ්‍රී සරච්චන්ද්‍රත් රඟපා ඇත. ඔහු මීට කලින් ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ හොරෙකුට රඟපා ඇත. සරච්චන්ද්‍ර මේ චිත්‍රපටයේ තැබෑරුමක අරක්කු බොමින් සමූහයක් සමඟ ‘මොකටද කාසි බාගෙ සොයා තියා’ ගීතය ගයන දර්ශනයක පෙනී සිට ඇත. ලිලියන් එදිරිසිංහ සිනමාවට පිවිසෙන්​ෙන්​් මේ චිත්‍රපටයේ බබම්මා නම් වැඩිහිටි මෙහෙකාරියකගේ චරිතය තුළිනි. ප්‍රධාන චරිතයක් වූ ගුණපාල ලෙස රඟ පෑ එඩ්වඩ් ​ෙස්නාරත්න එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකි. පසු කලෙක සොඳුරු යුවළ. සුරබිම, චණ්ඩාලි, චිත්‍රපටවල රඟ පෑ ජෙනී විනිප්‍රීඩා සිනමාවට එක් වෙන්නේ ද ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයෙනි. හිමේ සමන් දෙවි පිහිටෙන් හරි යයි අපි ආපු වැඩේ’ ගීතය ගයමින් ගායක සී.ටී, ප්‍රනාන්දු සමඟ ඇය රංගනයක යෙදෙන්නීය. ඇය වෙනුවෙන් පසුබිම් ගායනයෙහි යෙදෙන්නේ ඇන්ජලින් ද ලැන​ෙරා්ල් (ගුණතිලක) ය.  ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටය සිරිපා සමය ගැන පසුබිම් වූ නවකතාවකින් නිෂ්පාදිත ප්‍රථම සිංහල චිත්‍රපටයයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා සොයා යමු

සුනිල් සරත් පෙරේරා – sunilsarathp@yahoo.com

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා අනුපම මෙහෙවරක් කළ වියතාණ කෙනෙකි. මුල් අවදියේ දී ම සිංහල නවකතා කලාවේ විවිධත්වයක් ඇති කිරීමට ඔහු සමත් විය. සිරියලතා නවකතාව ඔහු විසින් ලියා ඇත්තේ දහනව වැනි වියෙහි දී ය. (1909 වසරේ දී ය) ලක්‍ෂමි හෙවත් නොනැසෙන රැජින ලියවුණේ 1922 වසරේදී ය. 13 වසකට පසුව ය. හිඟන කොල්ලා, කැලෑහඳ, සුනේත්‍රා, විජයබා කොල්ලය, දෛවයෝගය, රදළ පිළිරුව, ජූලි හත, පාසැල් ගුරුවරී, හඳපාන ආදී නවකතාවලින් ඉහත විවිධත්වය පිළිබිඹු කරයි.

වැල්ලවත්ත ආරච්චිගේ ඒබ‍්‍රහම් සිල්වා (ඩබ්ලිව්. ඒ. සිල්වා) උපන්නේ 1890 දී ය. කොළඹ වැල්ලවත්ත ඔහු උපන් ප්‍රදේශයයි. මෙය මා උපන් ප්‍රදේශය ද වෙයි. එදවස වැල්ලවත්ත බටහිරට නැවුණු ඉංග්‍රීසින්ට වාල්වුණු බහුවිධ සංස්කෘතික ලක්‍ෂණවලින් යුක්ත වූ ප්‍රදේශයක් විය.

සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇතතේ සමීප සබඳතාවකි. මෙය පුරාතන යුගවල පටන් පෙර අපර දෙදිග විචාරකයන්ගේ විමසිල්ලට පාත්‍ර වූ මාතෘකාවකි. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ කෘතිවලට මුල්වී ඇත්තේ කෙබඳු ‍‍ඓතිහාසික පසුබිමක් ද යන්න ගැන සොයා බැලීම ඩබ්ලිව්. ඒ. සිල්වා ප්‍රතිගවේෂණයේ දී වැදගත්වෙයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ගැන පුද්ගල තොරතුරු රැසක් ඔහුගේ බෑනනුවන් කෙනකු වන අප ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් ලෙස කැපීපෙනෙන සේනාධීරගේ ජස්ටින් පීරිස් මහතා සමඟ කෙරෙනු අල්ලාප සල්ලාපවල දී දැනගත හැකි විය. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ජස්ටින් පීරිස්ට නෑකමට බාප්පා වෙයි. වැල්ලවත්ත හංදියේ සිට පාමංකඩ දක්වා දිවෙන මාර්ගය එදවස හැඳින්වූයේ හයිස්ට්‍රිට් යන නමිනි. හයිස්ට්‍රිට් හි අංක 126 පිහිටීම සිල්වමියර් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා වැඩි කාලයක් ජීවත්ව සිටි නිවාසය වෙයි. හයිස්ට්‍රිට් මාර්ගය පසුව ඩබ්ලිව්. ඒ. සිල්වා නමින් නම් කෙරුණි. සිල්වමෙයර් නිවහන මෙදවස ධර්මායතනයක් බවට පත්ව ඇත.

කැලෑහඳ චිත්‍රපටයේ දර්ශනයක්

එදවස ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සිල්වමෙයර් නිවහනට ආගිය පිරිස බොහෝ ය. සති අන්ත විනෝදාස්වාදය ගෙනදුන් සාදයන්ට රුක්මනීදේවිය, එඞී ජයමාන්න, බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න, මොහිදින් බෙග්, ශ්‍රි චන්‍ද‍්‍රරත්න මානවසිංහ ආදී පිරිස් සහභාගි වූ අවස්ථා ඉතාමත් විනෝදජනක බවත් මධුර සංගීතයෙන් ද එය රසවත් වූ බවත් ජස්ටින් පීරිස් මහතා පවසයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ජීවත්ව සිටියදී මා දැක නොමැත. ලාබාලවියේ දී මාදුටු ඔහුගේ අවමඟුල් පෙරහර පිළිබඳ මතකයක් යාන්තමට සිත්හි ඇදී පවතී. ඔහු නැතිව ගියේ 1957 මැයි 31 වෙනිදා ය. අවමඟුල් පෙරහරේ ඉදිරියෙන්ම පොතක හැඩයෙන් විසල් මල් වඩමක් රැගෙන යනු දුටුවෙමි. අවමඟුලට පැමිණි ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ළඟින් ඇසුරු කළ එවකට අගමැතිව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා අවමඟුලේ දී කළ කතාව එදවස ම’පියා නිතර මතක් කරන්නකි. ඩබ්ලිව්. ඒ. සිල්වා වගේ පොත් ලියන්න පුළුවන් නම් තමා අගමැතිකම අතැර පොත් ලියන බවත් ඔහු මෙහි දී පවසා ඇත.

කැලැහඳ මුලින් ම සිනමාවට නැඟුණු නවකතාවයි. ළාබාලවියේ දී මවගේ ඇඟිල්ලේ එල්ලී කැලැහඳ චිත්‍රපටිය නැරඹූ වාර කීපයකි. වැල්ලවත්ත රොක්සි සිනාම හලේ දී හා ප්ලාසා සිනමා හලේ දී ද කැලැහඳ නැරඹූ හැටි යාන්තමට මතක ය.

අන්දොසීයා නමැති වයෝවෘද්ධ ගැමියකුගේ චරිතය නිරූපණය කළ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න සමඟ සිදාදියේ වේල් පෙරහර නැරඹීමට පැමිණි මාලිනී (රුක්මනීදේවිය) නමැති ගැමි තරුණිය සෙනඟ මැද අතරමංවන දර්ශනය මසිත්හි තවමත් ඇදී පවතින්නකි.

වේල් පෙරහර බම්බලපිටිය කෝවිල මුල්කරගෙන එදවස වසරකට වරක් එළඹෙන උත්සව අවස්ථාවකි.

වේල් පොලේ මැරිගෝ රවුම වටා බෑන්තාලයට රඟදුන් නැටුම, බූන්දි රසකැවිලි කඩ පෙළ – ගෙන දුන්නේ අපූරු ආස්වාදයකි. වේල්වාරයේ – බිඳී යන වීදුරු වළලු අතලා ගැනීමට කාන්තාවෝ මහත් රුචියක් දැක්වූහ.

ස්ථානික විඥානය ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකථාවල පසුබිම් වී ඇත. කැලෑ හඳේ වේල් උත්සවය ද මෙම ස්ථානික විඥානය ඇසුරෙන් උපන්නක් සේ සැලකිය හැකි ය. එදවස වසරකට වරක් එළඹෙන වේල් උත්සව වැල්ලවත්ත, පාමාංකඩ හා කිරිල්ලපොන ප්‍රදේශබඳ ජන ජීවිතය හ බැඳී පැවතුන සංස්කෘතික සැණකෙළියක් විය.

ඩබ්ලිව්. ඒ. සිල්වා කෙරෙහි ද සවිඥානිකව හෝ අවිඥානිකව බලපා ඇත්තේ මෙම පරිසරයේ චමත්කාරයයි. ඔහුගේ සහෝදරයා පදිංචිව සිටියේ වේල් කෝවිල අසල වජිර පාරේ නිවසක ය.

බම්බලපිටියේ වජිරාරාමවාසී පැලෑනේ සිරි වජිරඤ්ඤාන නාහිමියන්ගේ මුල් ගිහි ගෝලයන් අතරට ඩබ්ලිව්. ඒ. සිල්වා ද ඇතුලත් වෙයි. වර්තමාන සිංහල ‘කවීන්ද්‍රයෝ ග්‍රන්ථය රචනා කළ කටුනායක ලයනල් ද සිල්වා හා දොස්තර ඇන්තනීස් මහතා ද වෙයි. මුණිදාස කුමාරතුංගයෝ ද පැලෑනේ හාමුදුරුවන්ගෙන් ගුරුහරුකම් ලැබූහ.

ඩබ්. ඒ. සිල්වා

පැලෑනේ නාහිමියන් ගෙන් බණදහම හා සිංහල උගත් ගෝල පරපුරට පසුව ජේ. ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, බර්නාඩ් සොයිසා, නිශ්ශංක විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි ආදීහුද එක්වූහ.

සැමුවල් ජොන්සන් එංගලන්තයේ විසූ සුපතළ පඬුවෙකි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පදනම වැටුණු මුල් ප්‍රාමාණික ඉංග්‍රීසි ශබ්දකෝෂය තැනීමේ ගෞරවය ඔහුට හිමිවෙයි. (18 වන ශත වර්ෂයේ මැද භාගයේ සැමුවල් ජොන්සන්ගේ ඉංග්‍රීසි ශබීදකෝෂය ප්‍රකාශයට පත්ව ඇති අතර ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය 19 වන ශත වර්ෂයේදී ආරම්භ වී ඇත.) මේ මහා පඬුවා වටා, එකල එංගලන්තයේ පණ්ඩිත සමාජයක් ගොඩ නැඟී තිබුණි. මෙම සමාජය හඳුන්වා ඇත්තේ ජොන්සන් සර්කල් නමිනි. ( ජොන්සන් වටය) මෙයට සමරූපී මෙරට පඬුවන්ගෙන් සමන්විත වටයක් කුමාරතුංග මහතාට වටාද එදවස ගොඩ නැඟී පැවතුණි. සමකාලීන සාහිත්‍ය දියුණුවට මෙය මහත් බලපෑමක් ඇති කළාට සැක නැත.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ද මෙම වටයට සම්බන්ධ වූ පඬිවරයෙකි. එදවස වියතුන් ලෙස කැපී පෙනුණු කන්නන්ගර වෙදරාලහාමි ජයන්ත වීරසේකර වාසලමුදලි ඩබ්ලිව්. ගුණවර්ධන, රැපියෙල් තෙන්නකෝන් ආදීහු මෙම වටයේ සෙසු සාමාජිකයෝ වූහ. සති අන්ත නිවාඩු දිනයන්හි දී මෙම වටයේ සාමාජිකයෝ බොල්ගොඩ ග‍ඟේ හා පානදුර ග‍ඟේ ඔරුපැද ගිය විනෝද චාරිකා ගැන ද වාර්තාවෙයි.

සාහිත්‍ය කලා ශිල්ප, ඉතිහාසය, වේද පුරාණ සංගීත ආදී විවිධ විෂයන් ගැන සුහද ශාස්ත්‍රීය සංකථනයක් මෙහි දී සිදු වී ඇත. විචාරයට මුවා වී ඩබ්ලිව්. ඒ. සිල්වා ක්‍රමානුකූල කුමන්ත්‍රණයකින් ඝාතනය කිරීමට ඇතැම් කල්ලි සැරසුණු විට ඔහු වෙනුවෙන් තර්ක කර පොතක් පවා ලිවීමට මෙම වටයේ සාමාජිකයකු වන කන්නනන්ගර රාලහාමි පෙලඹී ඇත. මෙම ත්‍රන්ථය පේරාදෙණි සරසවි පුස්තකාලයේ ඇති බවක් මහාචාර්ය කේ.එන්.ඹ්. ධර්මදාස සූරීහු පවසති.

කුමරතුඟුවන්ගේ විදුනැණ වටයට සමාන පඬුවන්ගෙන් සමන්විත වටයක් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා වටා ද ගොඩ නැඟී තිබුණි. සාහිත්‍ය කලා පර්යේෂණයට හා ගවේෂණයට මෙය මහත් රුකුලක් වී තිබේ.

හයිස්ට්‍රිට්හි සිල්වමියර්හි මුළුදුන් මෙම රසවතුන්ගේ වටයට ශ්‍රි චන්‍ද‍්‍රරත්න මානවසිංහ, ගුණපාල සේනාධීර, ඞී.එෆ්. කාරියකරවන, විමල් අබේසුන්දර, මීමන ප්‍රේමතිලක ආදීහු සම්බන්ධ වූහ.

මෙරට බිහි වූ හොඳම ඓතිහාසික නවකතා කරුවා ඩබ්ලිව්. ඒ. සිල්වා බවට විවාදයක් නොපවතී. එසේ වුව ද එය හුවා දැක්වීමක් ද නොකෙරෙයි. සුනේත්‍රා – විජයබා කොල්ලය දෛවයෝගය විමසීමේ දී මෙය වඩාත් පැහැදිලි වෙයි. ඔහුගේ ඓතිහාසික විඥානය හා ඉතිහාස ගවේෂණය ප්‍රතිගවේෂණයට කාලය පැමිණ තිබේ.

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ දී සාහිතය්‍යයත් ඉතිහාසයත් අතර පවත්නා සම්බන්ධය නව දෘෂ්ඨිකෝණයකින් විමර්ශනය කිරීමට බටහිර සාහිත්‍යවේදීහු යුහුසුළු වූහ. නව ඉතිහාසවාදය : New Historicism යන සංකල්පයද මේ අනුව බිහිවිණි.

නව ඉතිහාසවාදය අනුව ද ඩබ්ලිව්. ඒ. සිල්වාගේ වටිනාකම වැඩිවෙමින් පවතී. එසේම පුද්ගල ප්‍රතිලාභ මත කලකට ඉහත ගොඩ නැඟුණු විචාර මත වර්තමානයේ ක්‍රමක්‍ෂය වෙනු පෙනී යයි.

නුවණ සඟරාව ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සංස්කාරකත්වයෙන් පළ වූවකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා 1946 වසරේ පළ කළ මොඩන් සිංහලීස් ෆික්ෂන් ග්‍රන්ථයේ ඩබ්ලිව්. ඒ. සිල්වා පිළිබඳ කළ විවේචනවලට පිළිතුරු වශයෙන් නුවණ සඟරාවේ පළ වූ ලිපි පෙළේ සාරගර්භ බව හා අර්ථාන්විත බව ගැන බොහෝ විද්වත්හු පෙන්වා දෙති.

“මෙදුටු මූසිලයා නිසා
නුදුටු දේ දුටුවෙමු ඇසා”

යන ශීර්ෂ පාඨය යටතේ මෙම ලිපි පෙළ පළවී ඇත.

සත්‍යය බලය හමුවේ කිසියම් කාලයක දී යටපත්විය හැකි ය. කාලයාගේ ඇවෑමෙන් ඉතිහසාය සත්‍ය හෙළිකර දෙයි. යටපත් වූ සාහිත්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඉතිහාසයම ගැඹුරින් ප්‍රතිගවේෂණය කළ යුතු ය.

කොළඹ කොටුවේ “නුවණ” සඟරා කාර්යාලයට පැමිණී ගුණපාල සේනාධීර මහතාට එම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ සිට විජයබා කොල්ලයේ නයනානන්ද ආව තැන් – අසංග සෙනෙවි පරංගි සංහාරයට ගිය තැන් ඇඟිලි දිගුකර පෙන්වා දීමට සමත් ස්ථානික විඥානයක් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා තුළ පැවති බවක් ගුණපාල සේනාධීර මහතා සඳහන් කරයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා තරුණ වියේ දී බිදුණු ප්‍රේමයක් නිසා සදාකල් තනිකඩ ජීවිතයක් ගෙවූ බවක් කියවෙයි. මෙම පෙම් පවත අපේ අම්මා නොයෙක් වර පවසනු අසා ඇත්තෙමු. ඩබ්ලිව්. ඒ. සිල්වා පෙම් කළ යුවතිය ශාන්ති මැණිකේ ඉංග්‍රීසි පාසල් ගුරුවරියකි. ඇය අපේ අම්මා ද දන්නා හඳුනන යුවතියකි. අම්මා ඇයව හැඳින්වූයේ රතු අක්කා නමිනි. රතු අක්කා රූබර ලියක් ම වූවා ය.

සිල්වමෙයර් මන්දිරයට නුඳුරෙන් මෝ තොමෝ පදිංචිව සිටියා හ. අවිශ්වාසය බිදුණු පෙමට හේතු වූ බවක් ද සඳහන් වෙයි. එතුමන්ගේ පාසල් ගුරුවරිය කෘතියට ද මෙය වින්දන මුලයක් වූවා විය හැකි ය.

සිංහල නවකතා රජා මෙන්ම සිංහල නවකතාවේ පියා වශයෙන් ද පාඨක බුහුමනට පත් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාට විචාරයේ මුවාවෙන් පහර ගැසූ ඇතැමුන් අත්ගසා වැලපෙන සැටි දක්නට ලැබෙනවා ඇත යනුවෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලංකාදීප වගතුග තීරුවකින් පෙන්වා දී ඇත. ඔහු මෙහිදී ඩබ්ලිව්. ඒ. සිල්වා සිංහල නවකතාවේ පියා හැටියට ද හුවාදක්වයි. සිංහල නවකතාවේ විවිධත්වය නැතිවීමටත් එය ඉන්දියාවේ මෙන් විශ්ව සාහිත්‍යයට ඇතුළත් නොවීමටත් පටු විචාරය හේතු විය.

මානවසිංහ මහතා ලංකාදීප වගතුග තිරයෙන් උද්ධෘත කර දක්වන පහත සඳහන් කියමන ද සිංහල නවකතාව ගැන තුන්කල් බලා කියන ලද්දකි.

“ඔහුගේ නව කතා අපේ සාහිත්‍ය යුගයේ එක් පරිච්ඡේදයකි. ඊළඟ පරිච්ඡේදය අඳුරු විය.”

(ලංකාදීප වගතුග – 1957 ජූනි 3)

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකතා ශිල්ප ක්‍රම සාහිත්‍ය සන්නිවේදනය ගැන සැලකිලිමත් වීමේ දී පැරණි නොවන්නකි. එසේ වුව ද ඔහුට ගැරහු සිද්ධාන්තවේදීන් හා විචාරකයන් ඒ යුගයේ පැතිර වූ දෘෂ්ටිවාද කොතෙක් වලංගු ද යන්න මේ වනවිට ප්‍රශ්නයක්ව පවතී. නව විචාර සංකල්ප හමුවේ මේවා ප්‍රතිගවේෂණයට පාත්‍ර කළ යුතු කාලය පැමිණ තිබේ.

“කැලැහඳ” නවකතාව යලි රූපවාහිනී – ටෙලි නාට්‍යයක් ලෙස හඳුන්වාදීමේ කටයුත්තකට මා රූපවාහිනී අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ක්‍රියාකළ කාලයේ දී අත ගැසුවෙමි. කැලැහඳ නවකතාවේ විකාශන අයිතිය ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සොහොයුරකුගේ පුත්‍රයාවූ කොලින් සෙනරත් නන්දදේව මහතාගෙන් – (වැල්ලවත්ත ආරච්චිගේ කොලින් සිල්වා) රූපවාහිනියට ලබා ගැනීමට මේ අනුව හැකි විය. මේ සඳහා නන්දදේව මහතා එකඟ කර ගැනීමට එදවස රූපවාහිනි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ඒ. සේනාධීර මහතා සහ රූපවාහිනී නිෂ්පාදකවරයකු වූ බන්දුල විතානගේ මහතා දැරූ උත්සාහය සාර්ථක විය. මේ පිළිබඳව ඔහු සමඟ නෛතික ගිවිසුමකට ද රූපවාහිනිය අත්සන් කළ අතර රුපියල් 25000 මුදල ගෙවීමක් ද ඒ අනුව කරන ලදි. කෙසේ වුව ද මෙම තත්ත්වය එළඹීමත් සමඟ ම රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරෙන් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මා ඉවත් කළ අතර කැලැහඳ නිෂ්පාදනයට පසුව ආ පාලකයෝ ඉඩදීමක් කර නොමැත.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් ගැන ලියූ වගතුග තීරුවකින් කොටසක් ඔහුට ද ගෞරව පිණිස මෙහිලා උපුටනය කොට දක්වමි.

සිංහල සාහිත්‍යයේ ගමන මහත් දුෂ්කරතා මධ්‍යයේ හිර වී තිබුණු දුර්ගය හෙළි කොට කපා මට්ටම් කර මාර්ගය පෑදූ සාහිත්‍ය සේවීන් අතුරෙන් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා අමරණීය පුද්ගලයෙකි. ඔහු පෑන අතට ගත්තේ නවකතා කලාව සිංහල සාහිත්‍යයට ආගන්තුකයකු වශයෙන් ඇතුළු වීමට වෙර දරමින් සිටි යුගයකදී ය.

(වගතුග – 1957 ජූනි 3)

සෑම රටකම ජනප්‍රිය නවකතා ද පවතී. පාඨක ලෝකයක් බිහි කිරීමට ජනප්‍රිය නවකතා ප්‍රබල බලපෑමක් ඇති කරයි. අලුත් කලා මාධ්‍යයක් වු නවකතාව පිළිබඳව පාඨක ලෝකයක් බිහි කිරීමට ඩබ්ලිව්. ඒ. සිල්වාගෙන් සිදුවූ සේවය මහාචාර්ය විමල් දිසානායක මහතා ද වෙසෙසින් අගයයි.

කැලෑ හඳට පසුබිම් වූ ගම් බිම් පිහිටා තිබුණේ මාවනැල්ල හා අරනායකබඳ ප්‍රදේශවල ය. අරනායක සංගිලි පාලම මතකයෙක් කිසිදා මැකී නොයන්නකි. ඩබ්ලිව් ඒ. සිල්වා සොබා සොඳුරුබව සොයමින් සිරිලක ඈත පිටිසර ගම්බිම්වල මෙන් ම කඳු රට ද සැරි සැරූ බවක් දක්නට තිබේ. දියතලාවේ ‘නූක් නමින්’ ඔහු සතු බංගලාවක් ද විය. මෙහි විවේකීව හිඳ ඇතැම් නවකතා ලියූ බවක් ජස්ටින් පීරිස් මහතා පවසයි. විවේකයක් ලද විට වීදුරු බෝල, වෙස් මුහුණු බස්තම් නිවසේ දී ම තැනීම සිල්වා මහතාගේ තවත් විනෝදාංශයක් විය.

මුල් ප්‍රකාශනය – ලංකාදීප

සිංහල සාහිත්‍යය ඉතිහාසයේ සැඟවී ගිය 60 දශකය තෙක්‌ බලය පැතිර වූ ඩබ්ලියු. ඒ. සිල්වා ගුරු කුලය

ඩබ්ලියු. ඒ. සිල්වා 125 වැනි ජන්ම දින සංවස්‌තරය නිමිත්තෙන් කැලණිය සරසවියේ සිංහල අංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ, දිවයින පුවත්පතට ලියූ ලිපියකි.

ප්‍රවේශය

ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණි ඇදුරන් ඇති කළ සාකච්ඡාව තුළ ඔහුගේ භූමිකාව විවරණය කෙරුණේ ඒක පාර්ශ්වීය ආකාරයෙන්ය යන චෝදනාව ද වසර ගණනාවක සිට නැගෙමින් පවතී. යථාර්ථවාදී ප්‍රවේශය මත පිහිටා සිංහල නවකතාව විවරණය කළ සරච්චන්ද්‍ර තම The Sinhalese novel කෘතියේ සිල්වා වර්ග චරිත, අද්භූත සිදුවීම හා යථාර්ථයෙන් පලාගිය ලේඛකයකු ලෙස හැඳින්වීය. ඒ සියල්ල මධ්‍යයේ සිල්වා විශාල පාඨක පිරිසක්‌ වෙත බලසම්පන්න මාධ්‍යයක්‌ ලෙස නවකතාව රැගෙන ගිය, පියදාස සිරිසේන හා එම්. සී. එෆ්. පෙරේරා මෙන් නවකතාව සමාජ සංශෝධනයේ මාධ්‍යයක්‌ බවට පත්කර නොගත් සිංහල පාඨකයාට නව දැක්‌මක්‌ හඳුන්වා දුන් නවකතාකරුවකු ලෙස ද හඳුන්වාදීමට උත්සාහ කළේය.

පහත දැක්‌වෙන්නේ සරච්චන්ද්‍ර තම පොතෙහි ඩබ්ලියු. ඒ. සිල්වා නමින් ලියූ පරිච්ඡේදයෙහි අවසාන කොටසේ එන යථෝක්‌ත අරුත් දනවන වැකි කීපයයි.

‘For, the novel has always been a powerful medium for the dissimination of modern ideas and for propaganda on social questions.Though W. A. Silva did not employ the novel as an obvious vehicle o reform, as did M.C.F. Perera and Piyadasa Sirisena, and almost every other novelist of the day, by the sort of ideal heroes and heroines he dipicted he introduced a new vision to the sinhalese reader on many an important matter’

130 පිටුව – Sinhalese Novel – 1950 – ගුණසේන සමාගම

එහෙත් සරච්චන්ද්‍ර ලියූ එම වාක්‍ය කීපය තුළ ගැබ් වූ අරුත් ඉදිරියට ගෙනයැම වෙනුවට සරච්චන්ද්‍ර අනුගාමිකයන් දිගින් දිගටම සිදු කළේ සිල්වාගේ බොළඳ කතා කලාව උදාහරණ ලෙස ගෙන කර්කෂ ලෙස විවේචනය කිරීමයි. මහාචාර්ය තිස්‌ස කාරියවසම් ‘සිංහල ප්‍රබන්ධ කතාවේ විකාශනය’ (1866-1944), සරච්චන්ද්‍ර වික්‍රමසූරිය ‘විජයබාකොල්ල විවරණය’, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සහ කථිකාචාරිණී අනුරුද්ධිකා කුමාරි කුලරත්න ‘නවකතා විග්‍රහය’ වැනි කෘතිවල එම තත්ත්වය දැකිය හැකිය.

සිල්වාගේ කතා කලාව පිළිබඳ සරච්චන්ද්‍රමය දෘෂ්ටි කෝණයෙන් මිදී සාධාරණ තුලනාත්මක විවරණයක්‌ ඉදිරිපත් වනුයේ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නගේ ඩබ්ලියු. ඒ. සිල්වා ‘සත්‍යය හා මිත්‍යාව’ යන කෘතියෙන් පමණි. එක්‌දහස්‌ නමසිය අනූවේදී පළ වූ මෙම පොත සරච්චන්ද්‍රගේ විවරණ තුලනාත්මකව ඉදිරිපත් කරමින් වෝල්ටර් ස්‌කොට්‌ වැනි නවකතාකරුවන් සමඟ සසඳමින් සිල්වාට සාධාරණත්වයක්‌ ඉටුකිරීමට ගත් ප්‍රශස්‌ත ශාස්‌ත්‍රීය ප්‍රයත්නයකි. එහෙත් එම ප්‍රයත්නය ඉදිරියට ගෙනයමින් සරච්චන්ද්‍රගේ ප්‍රවේශය ඉක්‌මවා යා හැකි නිර්භීත විචාරකයන් මෙරට සිංහල අධ්‍යයන අංශ තුළ හෝ බාහිරව ගොඩ නැඟුණු බව නොපෙනේ. ගොඩ නැඟුණ ද ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ අධ්‍යයනයක නිරත වූ බව නොපෙනේ.

මෙබඳු පසුබිමක්‌ තුළ ඩබ්ලියු. ඒ. සිල්වා අරබයා අප ඉදිරිපත් කිරීමට අදහස්‌ කරන්නේ කුමන විග්‍රහයක්‌ද?

අපගේ විමර්ශනය

වර්තමාන සාහිත්‍ය කලා විචාරයේ එක්‌ ප්‍රධාන පාර්ශ්වයක්‌ නියෝජනය කරන්නේ විචාර න්‍යායයි. (Critical theory) එයින් අදහස්‌ වන්නේ සාහිත්‍ය කලාව ආදිය හුදෙක්‌ එහි ශිල්පීය දියුණුව හා ස්‌ථාපිත ජීවන දර්ශනයක්‌ මගින් විමර්ශනය කිරීම වෙනුවට සමාජ – සංස්‌කෘතික කාරණාවන්හි විවිධ පාර්ශ්ව දෙසට අවධානය යොමුකරමින් විමර්ශනයක නිරත වීමයි. එහිදී දාර්ශනික සංවාදයක්‌ නිර්මාණය වූ බව පෙනේ. මාක්‌ස්‌වාදයෙහි පැරණි න්‍යායයික ප්‍රවේශය ප්‍රශ්න කරමින් නව ප්‍රවේශ ගොඩනැඟුණු අතර මනෝවිද්‍යාව, සංස්‌කෘතික අධ්‍යයනය ආදිය පෙරට පැමිණියේය. මෙහිදී මතු වූ එක්‌ ප්‍රධාන ප්‍රවේශයක්‌ වන්නේ අතාර්ථික භාවයේ ප්‍රගතියයි. (Progress of irrationalism) ප්‍රැන්ක්‌පර්ට්‌ ගුරුකුලය නම් මාක්‌ස්‌වාදී පක්‍ෂපාතිත්වයක්‌ සහිත බුද්ධිමය කණ්‌ඩායම මෙම ප්‍රවේශය මතුවිය.

මෙය සාම්ප්‍රදායික මාක්‌ස්‌වාදී චින්තන රටාව ප්‍රශ්න කළ අවස්‌ථාවකි. වර්තමානයේ බොහෝ ප්‍රචලිත පශ්චාත් නූතන ප්‍රවාහයේ එක්‌ පාර්ශ්වයක්‌ මතුවන්නේ මෙම ගුරු කුලය ක්‍රියාකාරිත්වය තුළය. (මේ පිළිබඳව සිංහලෙන් යම් දුරකට ලියවී ඇති නිසා දිගින් දිගටම නොලියමු.)

තර්කානුකූල ප්‍රබුද්ධ චිත්තනය ඒ ආකාරයෙන් ම පිsළිගැනීම වෙනුවට එයින් පිටත පවතින භෞතික හා මානසික සාධකවල බලපෑම වෙත මෙහිදී අවධානය යොමුවිණි. ඇත්ත වශයෙන්ම මෙහිදී මූලික දාර්ශනික ධාරා දෙකකට මතවාදී පහර ලැබුණු බව පෙන්වා දිය හැකිය. ඒ මතවාද දෙක නම්,

1. ලිබරල් මතවාදය

2.මාක්‌ස්‌වාදය මත පිහිටා වර්ධනය කළ යථාර්ථවාදී මතවාදය.

යථෝක්‌ත මතවාද දෙකම සමාජ ප්‍රගමනය වඩාත් දියුණුව වෙත ක්‍රමිකව යන ගමන යනාදිය විශ්වාස කළ අතර තර්කය, ඥානය, අවබෝධය පිළිබඳ විශ්වාසය තැබීය. එහෙත් මෙම අභිනව මතවාදී මැදිහත්වීම තුළ එබඳු විශ්වාස පරම කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්‌ වූ අතර සංස්‌කෘතියේත්, කලාවේත් සමස්‌ත මිනිස්‌ ජීවිතවලත් ගුඪ, අතාර්කික පාර්ශ්ව මතුකිරීමේ දාර්ශනික හා සංස්‌කෘතික ක්‍රියාවලියක්‌ ඉස්‌මතු වූ බව පෙනේ.

ඩබ්ලියු. ඒ. සිල්වා විවේචනය කර මාර්ටින් වික්‍රමසිංහ ඉදිරියට ගෙන ඒමේදී සරච්චන්ද්‍ර න්‍යායයික පදනම ලෙස තෝරා ගත්තේ ලිබරල් මානවවාදී විචාර ක්‍රමයයි. එම විචාර ක්‍රමය තුළ සිල්වා අද්භූත රොමැක්‌ටික්‌වාදී ලේඛකයකු විය. එහෙත් සරච්චන්ද්‍ර ගේ විචාර ක්‍රමයෙන් ඔබ්බට ගොස්‌ සිල්වා දෙස බැලීමට යුරෝපයේ ඇති වූ මෙම මතවාදී පෙරළිය භාවිත කළ හැකි අතර එවැන්නක්‌ තුළ සිල්වා සරච්චන්ද්‍රමය ප්‍රවේශයෙන් ඔබ්බේ තැබිය හැකිය.

අප මෙහිදී ඉතාමත් සුළු වශයෙන් එබඳු උත්සාහයක නිරත වෙමු.

සිල්වාගේ ක්‍රියාකාරිත්වයේ සංස්‌කෘතික අනන්‍යතාවය හඳුනා ගනිමු

මාර්ටින් වික්‍රමසිංහ බොහෝ විට සිල්වාට සාපේක්‍ෂව ප්‍රගතිශීලී දියුණු යථාර්ථවාදී සවිඥනිකයා ලෙස සරච්චන්ද්‍රගේ විග්‍රහයට හසුවෙයි. එය සත්‍යයකි. වික්‍රමසිංහ දොස්‌තයෙවුස්‌කි, ටොල්ස්‌ටෝයි, ලෙනින්, ට්‍රොට්‌ස්‌කි ගැන කියවන්නේ 1918, 1920 තරම් දුර කාලයකය. එම උරුමය සිල්වාට මියයන තෙක්‌ම තිබුණේ නැත. එහෙත් සිල්වා ලෝක උරුමය වෙත යොමු වූ ඔහුටම අනන්‍ය වූ විධි ක්‍රමයක්‌ තිබිණි. ඔහු රුචි කළ ලේඛක පිරිසක්‌ වූහ. බටහිර හා පෙරදිග සාහිත්‍යයෙන් ඔහු ලද ආභාසයේ එක්‌තරා ස්‌වරූපයක්‌ තිබිණි.

ඩබ්ලියු. ඒ. සිල්වා කුමාරතුංග හා හෙළ හවුල සමඟ සබඳතා පැවැත්වීය. හෙළ හවුලේ බොහෝ සාමාජිකයන් රැස්‌ වී කමින් බොමින් කවි කතා රසවිඳින පානදුරේ හෙවණ නමැති ස්‌ථානයකට සිල්වා සම්බන්ධ වූ ආකාරය අනඳපිය කුඩාතිහි තම කවි සයුරේ 165 වැනි පිටුවේ සඳහන් කරයි.

රැ. තෙන්නකෝන්ගේ කවි පොත් කියවීමට හෙළ හවුලේ අනුගාමිකයන් හැරුණු විට එහි ගොස්‌ ඇත්තේ සිල්වා පමණි. මෙය සැලකිය යුතු කරුණකි. හෙළ හවුල පිළිගත් නවකතාකරුවා සිල්වා බවත් හෙළ හවුල හා සිල්වා අතර මතවාදී සම්බන්ධයක්‌ තිබූ බවත් මෙයින් පෙනේ. එය තවදුරටත් තහවුරු කළ හැකි සාක්‍ෂි ‘කතා රජ කතාව’ ඩබ්ලියු. ඒ. සිල්වා චරිතය ලියූ කේ. එච්. ඒ. ධර්මසේකර සපයයි. ඒ මෙසේය.

‘තීරණාත්මක සාධක සහිතව මෙසේ කැරුණු සංවාදයෙන් ඉක්‌බිති විද්වත් මුනිදාස කුමාරතුංග මහහෙළයාණෝ අප කථානායකගෙන් ඉල්ලීමක්‌ කළහ. උදව්වක්‌ ඉල්ලමි. මගේ දුප්පත් බස වෙනුවෙන් උදව්වක්‌ ඉල්ලමි. නගන්න සිල්වා මහත්මයා, වාලමිකී රාමායණය අපේ බසට ඒ වැඩේට මහ පිනැති මහකතාකරු ඔබ තමා මේ වැනි කතාවෙන් කැරුණු ඒ වැදගත් ආයාචනය ඩබ්ලියු. ඒ. සිල්වා සතුටින් ඉවසුවේය. සිය බස වෙනුවෙන් ඒ තරම් සේවාවක්‌ කරනු සිතැති බව පැවසුවේය. එතැන් පටන් අතළොස්‌සක්‌ ගතවන ඒ යෝධ කාර්යය ගැන වෙහෙසුණේය.’

කතා රජ කතාව 275 හා 276 පිටු

මෙයින් පෙනෙන්නේ රාමායණය සිංහලට පරිවර්තනය කිරීම සඳහා සිල්වාට ආරාධනා කර ඇත්තේ කුමාරතුංග බවයි.

මෙබඳු සාධකවලින් පෙනී යන්නේ කුමාරතුංග විශ්ව සාහිත්‍යය සිංහලින් නැඟීම සඳහා සිල්වා තෝරා ගත් බවයි. එනම්, සිල්වා කුමාරතුංග විසින් ප්‍රාමාණික පරිවර්තකයකු ලෙස පිsළිගත් බවයි. මෙම තත්ත්වය තවදුරටත් විග්‍රහ කළ හැකිය. මේ එළිවන්නේ සරච්චන්ද්‍ර හා පේරාදෙණි ගුරුකුලයේ යථාර්ථවාදී ප්‍රවේශයට ඔබ්බෙන් පැවති සංස්‌කෘතික සම්බන්ධතාවල ස්‌වරූපයයි. මෙය තවදුරටත් විග්‍රහ කළ හැකිය.

සිල්වා බෙහෙවින් සකුව මුසු හෙළ බසින් ලියූ අතර කුමාරතුංග ද තම ජීවිතයේ අවසාන වසර කීපය තුළ පැවති හුදු හෙළ උමතුවට පිවිසීමට පෙර සකු මුසු බසින් ලියුවේය. එසේම ඔහු ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෘති සිංහලට පරිවර්තනය විය යුතුය යන අදහස දැරූ බව මෙයින් පෙනේ. මෙම ශාස්‌ත්‍රීය සබඳතා සිල්වාගේ සංස්‌කෘතික සංකල්ප ලෝකය විමර්ශනය කිරීමට මනා පිටිවහලක්‌ සපයයි.

සිල්වාගේ අනුගාමිකයෝ

කුමාරතුංගට මෙන්ම සිල්වාට ද අනුගාමිකයන් සිටියේය. සංවිධානයක්‌ ලෙස නමක්‌ යටතේ ඉස්‌මතු නොවුනද ඔවුහු සිල්වා වෙනුවෙන් ලිපි, ලේඛන ගණනාවක්‌ පළ කළෝය. මෙය ලාංකීය සාහිත්‍ය සංවාදය තුළ යටපත් වූ ගුරුකුලයක්‌ ලෙස හැඳින්විය හැකිය. හේමපාල මුනිදාස, කේ. බී. සුගතදාස, සිසිර කුමාර මානික්‌කාරච්චි, ඇල්. ඇම්. ද සිල්වා මෙම අනුගාමිකයන් අතර ප්‍රමුඛයන් ලෙස හඳුනාගත හැකිය. සරච්චන්ද්‍ර – වික්‍රමසිංහව ප්‍රමුඛ කොටගනිමින් සිල්වා පසෙකටලීම මෙම පිරිසගේ මහත් සිත් වේදනාවට හේතු වූ බව මෙම ලිපි ලේඛන පිරික්‌සීමෙන් දැකිය හැකිය. 1990 දී ඊ. ටී. කන්නන්ගර සංස්‌කරණය කළ ‘මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා ඩබ්. ඒ. සිල්වා දුටු හැටි’ මෙම ලේඛන අතර වැදගත් ලේඛනයකි. මෙම කෘතියේ අන්තර්ගත වන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර ගේ The sinhalese Novel කෘතිය විවේචනය කොට සිල්වා තම සංස්‌කාරකත්aවයෙන් පළ වුණ නුවණ හා තිලක යන සඟරාවලට ලියූ ලිපි සමූහයකි. මෙම පොතට ජනාධිපති ආර්. ප්‍රේමදාස පවා පණිවිඩයක්‌ නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ඒ හිටපු ජනාධිපතිවරයා ද සිල්වාගේ පාඨකයකු බවයි. සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලය කර්කෂ ලෙස විවේචනය කිරීම සිල්වා මෙම ලිපි පෙළ මගින් සිදු කරයි.

ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ දිගින් දිගටම පෙනී සිටි තවත් ලේඛකයකු වන්නේ. සිසිර කුමාර මානික්‌කාරච්චිය. වංශනාථ දේශබන්ධු යන අනවර්ථ නාමයෙන් ඔහු ලියූ ‘සාහිත්‍ය කොල්ලය’ යන කෘතිය පේරාදෙණිය ගුරුකුලය කර්කෂ ලෙස විවේචනය කරන අතර ඩබ්ලියු. ඒ. සිල්වාට සිදු වූ අසාධාරණය පිළිබඳ කම්පා වෙයි.

සමකාලීන ලේඛකයන් අතර ඩබ්ලියු. ඒ. සිල්වා ප්‍රමුඛ සෙස්‌සන් ජාතිමාමක විශිෂ්ටයන් වූ අතර මාර්ටින් වික්‍රමසිංහ පමණක්‌ එසේ නොවූ බව කතුවරයා පවසන්නේ කර්කෂ ආකාරයෙනි.

‘සිංහලය රාජ්‍ය භාෂාව බවට පත්වීම අග්‍රපලය කොටැ ගනිමින් ගතවුණු දශක තුන හතරක පමණ කාලය තුළ ලියලාගෙන ආ සිංහල සාහිත්‍ය නවෝදයට පොහොර යෙදූ මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා ආදී ලේඛකයන් හා කවීන් අතරට ගැනුණු එක්‌තරා ලේඛකයෙක්‌ මේ විනාශකාරී වැඩපිළිවෙළේ ආදි කර්තෘ විය. ඔහු වූ කලී දැනුදු අප අතරෙහි වෙසෙන මාර්ටින් වික්‍රමසිංහ, ඇම්. බී. ඊ. මිස සෙස්‌සකු නොවේ. ස්‌වකීය සමකාලීන ලේඛකයන්ගේ ලේඛන ශෛලිය සමඟ එක මට්‌ටමේ සිටින්නට ඔහුට නොහැකි විය. දුර්වල පද යෝජනාවන්ගෙන් හා අවියත් ශෛලීයෙන් පොත පත කළ මාර්ටින් වික්‍රමසිංහ පාඨක රුචිය දිනාගැනීම අතින් ලබා සිටියේ ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස ආදී ලේඛකයන්ට වඩා පහත් ස්‌ථානයකි. පොත් හුඟක්‌ ලියූ නමුත් ඔහු සිංහල පාඨකයාට දුන් දේ ඉතා ටිකය.’

සාහිත්‍ය කොල්ලය

නිවැරැදි සිංහල ලිවීමට නොහැකි ජාතික උරුමය අඛණ්‌ඩව පවත්වාගෙන නොයන ලේඛකයකු ලෙස මාර්ටින් වික්‍රමසිංහට පහරදීම මෙහිදී දැකිය හැකිය. කුමාරතුංග, ඩබ්ලියු. ඒ. සිල්වා හා අවශේෂ කොළඹ කවියන් මෙහිදී ජාතික උරුමය රකිමින් සාහිත්‍යකරණයේ නිරත වූ ලේඛකයන් ලෙස පෙන්වා දිය හැකිය.

මෙයින් පෙනී යන්නේ කොළඹ කවියන් හා හෙළ හවුල යන පිරිස්‌ දෙක සමඟ මතවාදීව අත්වැල් අල්ලාගෙන යන නූතන සාහිත්‍යකරුවා ලෙස ඩබ්ලියු. ඒ. සිල්වාව හැඳින්වූ අතර මාර්ටින් වික්‍රමසිංහ මේ මතවාදවලින් පිටමං කළ බවයි.

වංශනාථ දේශබන්ධුගේ කෘතියේ සමස්‌තය විමසා බැලීමේදී කැපී පෙනෙන්නේ සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහ යන දෙදෙනාත් ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලයන් දැඩි උපහාසයෙන් යුතුව විවේචනය කිරීමයි. එහෙත් ඔහු ඉදිරිපත් කරන න්‍යායාත්මක තර්ක දුර්වල වන අතර මතවාද විමසීම වෙනුවට පටු සුචරිතවාදය හා වියරණ වැරදි පමණක්‌ යොදාගැනීම මෙහිදී කැපී පෙනෙයි. බටහිර සාහිත්‍යය පිළිබඳ කිසිදු ප්‍රාමාණික දැනුමක්‌ නොපෙන්වීම මෙම කෘතියේ කැපී පෙනෙන්නකි.

පනහ දශකයේදී ප්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් වූ ඇල්. ඇම්. ද සිල්වාගේ ‘විචාර විවරණය’ ඩබ්ලියු. ඒ. සිල්වා අනුගාමිකයන් අතරින් පළ කළ වඩාත් ශාස්‌ත්‍රීය කෘතිය ලෙස පෙන්වා දිය හැකිය. වසර 40 කට පමණ පසු නැවත එය තම පරිණත වියේදීත් පළකිරීමෙන් පෙනී යන්නේ කතුවරයා තම මතය දශක ගණනාවක්‌ තිස්‌සේම අඛණ්‌ඩව ගෙන යමින් සිටි බවයි.

වංශනාථ දේශබන්ධු මෙන් නොව ඇල්. ඇම්. ද සිල්වා ශාස්‌ත්‍රීය ශික්‍ෂණයකින් තම කෘතිය රචනා කරයි. අපහාස උපහාසාදිය වෙනුවට පාඨාන්තර සංසන්දනය යොදාගැනීම මෙහිදී අගය කළ යුතුයි.

සමාලෝචනය

ඩබ්ලියු. ඒ. සිල්වාට ගරු කළ ප්‍රධාන සිංහල ලේඛකයන් අතර අයි. ඇම්. ආර්. ඊරියගොල්ල, කේ. බී. සුගතදාස, මාගම් තෙන්නකෝන් මෙන්ම කොළඹ යුගයේ සුප්‍රකට කවියකු වන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ද දැක්‌විය හැකිය. ඊරියගොල්ල හා කේ. බී. සුගතදාස පිළිවෙළින් ‘මනුතාපය’ හා ‘දේව හස්‌තය’ යන නමින් සුප්‍රකට ප්‍රංශ නවකතාකරුවන් වන වික්‌ටර හියුගෝ සහ ඇලෙක්‌සැන්ඩර් දියුමාගේ නවකතා අනුවාදනය කළෝය.

මේ අනුව පෙනී යන්නේ සිල්වා අනුගාමිකයන් පරිවර්තන මාර්ගය වෙනුවට අනුවාද මාර්ගය ප්‍රිය කළ බවත්ය.එසේම මෙම පිරිසේ ඇතැමෙක්‌ (උදා – ඊරියගොල්ල) හුදු හෙළ වහර භාවිතයට ගත් බවත් තවත් පිරිසක්‌ සකු මුසු බසට ළැදි වූ බවත් නිරීක්‍ෂණය කළ හැකිය.

ඩබ්ලියු. ඒ. සිල්වා ගේ අනුගාමික පිරිස ලෝකය අර්ථකථනය කළේ රසවත් කතාන්දර කීම සාහිත්‍යයේ ප්‍රධානතම මෙහෙවරක්‌ ලෙස සැලකෙන ලෝක දෘෂ්ටියකින් බව පෙනේ. ඔවුන්ට අනුව සියලු විදේශීය සාහිත්‍යයන් අනුවාද මගින් දේශීයකරණය කළ යුතු අතර නිවැරැදි වහර පරම දේවත්වයෙහි ලා සැලකිය යුතුය. ඩේවිඩ් කරුණාරත්න පවා මෙම මතවාදයේ සිටි බව නිරීක්‍ෂණය කළ හැකි අතර මේ අයගේ සමාජ බලය 60 දශකයේ අවසානය පමණ වනතෙක්‌ සිංහල සාහිත්‍යය සංස්‌කෘතිය තුළ එක්‌ ධාරාවක්‌ ලෙස ක්‍රියාත්මක වූ ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය.

සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණියට වඩා වෙනස්‌ ලෙසකින් සාහිත්‍යය හා බැඳුණු සංකල්ප අර්ථකථනය කරගැනීම මෙම පිරිසගේ අභිප්‍රාය වූ අතර බටහිර ගැති බවට ඔවුහු වෙර වැඩූහ. බටහිර දේ ස්‌වීයකරණය කිරීම ඔවුන්ගේ අභිමතය විය. මේ අනුව 20 වැනි සියවසේ සිංහල සාහිත්‍යය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මෙම පිරිස පිළිබඳ අවධානය යොමුකිරීම අතිශයින්ම වැදගත් වන අතර එය වර්තමානයේ මෙම විෂය ප්‍රදේශය අධ්‍යයනය කරන අයගේ වගකීමක්‌ ලෙස ද සැලකිය හැකි බව අපගේ විශ්වාසයයි.

විජයබා කොල්ලය සිනමාවට

ඩබ්ලියු. ඒ. සිල්වා ලියූ නවකතා කීපයක්ම සිනමාවට නැගිණි. ‘ කැලෑ හඳ’ , ‘රදළ පිළිරුව’ , ‘සිරියලතා’ , ‘දෙයියන්ගේ රටේ’ , ‘දෛවයෝගය’ , ‘හඳපාන’ , ‘හිඟන කොල්ලා’ ඒ නවකතාය. මේ අතරට තවත් එකතුවන අලූත්ම නවකතාව වන්නේ ‘විජයබා කොල්ලයයි‘. ඩබ්ලියු. ඒ. සිල්වාගේ විජයබා කොල්ලයත් අපට සිනමා තිරයෙන් දැක බලා ගැනීමේ වාසනාව උදාකරන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. නිෂ්පාදනය එච්.ඞී.පේ‍්‍රමසිරි ගෙනි. ‘විජයබා කොල්ලය’ අධ්‍යක්‍ෂවරයා මෙන්ම අතිරේක දෙබස් සහ ගේය කාව්‍ය රචකයාද වන්නේ සුනිල් ආරියරත්නයන්ය. 

‘විජයබා කොල්ලය’ සිනමාවට එන්නේ ත‍්‍රිමාන තාක්‍ෂණයෙන්

අකුරු සාමුහිකය ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රයට

පසුගිය මාස කීපය තුල ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාර පරිශ්‍රයට තුල අකුරු සාමුහිකය විවිධ හමු කීපයක් පැවැත්විය.

A New Literary Landmark for Sri Lanka –First Language and Literature Museum Launched

By Ravi Thilakawardana, Secretary, W A Silva Foundation

The first ever language and literature museum of Sri Lanka was declared open recently, presenting a novel and unique experience for the literary enthusiasts. The first of its kind in Sri Lanka, the language and literature museum is dedicated to the legacy of one of the country’s outstanding writers – Sahithya Keerthi W A Silva (1890-1957). “Silvermere House”, the abode which provided dwelling for W A Silva for a long period and where he completed majority of his literary works has been transformed into the museum. It is tucked away amidst the hustle and bustle of the Colombo city just off W A Silva Mawatha, Wellawatte, also named after the illustrious writer.


Among many museums scattered across the island, dedicated for numerous subject domains, the newly established W A Silva museum dedicated for language and literature would no doubt achieve a prominent place as it endeavours to enliven and extend the glory of the past to the present generation.

The museum is rich with informative displays and fascinating exhibits mapping the life of W A Silva through various media, and visitors are bound to be enthralled by manuscripts and first editions, collections of rare books and original tools of the printing trade, among other artefacts. 

The first chamber in the museum is the space (room) used by W A Silva for his creations, and exhibits some of the personal implements including his writing desk and chair. An armoire in the second chamber offers manuscripts of some of Silva’s novels, and rare copies of the first or early editions of his novels, printed at that time using letter press printing technique. Also displayed here is some of the elegant antique furniture belonging to the “Silvermere House”. 

The next chamber showcases the writer’s links to the broadcasting (radio) field, displaying some related artefacts of historic value. In this chamber, the large library that was once owned by W A Silva is recreated using a collection of ancient books that have been preserved. 

It is common knowledge that W A Silva’s name is inseparably linked with the Sinhala cinema, and it is only fitting that the museum has dedicated a chamber to recognize his contributions to the movie industry. This chamber awaits a collection of photographs and other interesting material related to movies based on Silva’s novels.

In the W A Silva museum, visitors would also discover a traditional printing press (letter press) that contributed immensely for the progress of Sinhala literature at the time, restored to its former glory. Many components of a traditional letter press printing press such as wooden and lead letter templates, composing stick, binding press, proof machine, wiring machine, printing machine, manual paper cutter, etc are on display.  

When discussing about literature museums, the book titled “Sahithya lipi gonna” (collection of literature articles) by Dr. K. D. P. Wickaramsinghe, published in 1966 provides some interesting insights on literature museums, in the section titled ‘Literary museums that we need’ (Apata awashya sahithya kauthukagara).

“Sri Lanka does not have the capacity and the resources to establish literature museums dedicated to individual writers, nor can the country boast of more than a handful of writers that deserve such recognition bestowed upon them. In such context, it would be a fitting tribute to all our literature luminaries of the past if a common literature museum dedicated to all of them could be established in a central location where every citizen can visit”. 

There is no doubt that the well-known ‘Martin Wickramasinghe Folk Museum’ in Koggala is one such great memento.

The article “Querying Chekhov’s visit to Lanka” (Chekhovgé Lanka gamana prashna karamu) by Lal Sarath Kumara on the great Russian writer Chekhov’s visit to Sri Lanka in 1890, forwards the following facts.  

“In a grand gesture of honour and recognition, the Grand Oriental Hotel has made a special dedication in memory of Chekhov’s historical visit to Sri Lanka. They have named the suite 304 after this great personality as “Anton Chekhov Suite” and preserved the furniture that was used by him”.

Sarath Kumara in his article on museums around the world further discusses that mementos of this nature are common in countries such as Russia. He states that “the great writers from the era before the October Revolution is much respected and fondly remembered by the nation even at present, due to the recognition given to them by the state. Tolstoy, Gorky, Chekhov and Dostoyevsky have become remarkable among them. Their residences, temporary dwellings and personal belongings have been well persevered to be presented to future generations. Even today, a person visiting Moscow would sight many such memoranda scripted in stone or brass plaques. In the local context, same can be said about W A Silva. In addition to his residence at the “Silvermere House”, Wellawatte, he has spent his days at many other locations in Pamankada, Bambalapitiya and even Bandarawela, compiling his many literary works. His most renowned work, “Kele Handa” was completed at his Calidonia Tea Estate in Bandarawela”.

While honouring an extraordinary writer from yesteryear, who has made indelible contributions to the field of Sinhala literature, it is envisioned that the newly launched W A Silva Language and Literature Museum would also serve to renew and secure the love of literature among readers, and inspire contemporary writers and future generations to explore new horizons in literature!

”සිල්වර්මියර්” නිවස භාෂා-සාහිත්‍ය පුස්තකාලයක් හා කෞතුකාගාරයක් ලෙස විවෘත වේ!

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම මඟින් අරඹා ඇති විශේෂිත ජාතික සේවයක් වන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ජීවත් වූ කොළඹ වැල්ලවත්තේ ඩබ්ලියු. ඒ. සිල්වා මාවතේ පිහිටි ”සිල්වර් මියර්” නම් නිවස ජාතික වස්තුවක් වශයෙන් සංරක්ෂණය කිරීම හා එ මඟින් භාෂා-සාහිත්‍ය පුස්තකාලයක්, කෞතුකාගාරයක් හා ඉපැරැුණි කොළඹ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ස්ථාපිත කොට එය ජාතියට තිළිණ කිරීම යි. මෙම ජාතික මෙහෙවර සඳහා අදහස් ඉදිරිපත් කිරීමෙන් තොරතුරු ලබා දීමෙන් මෙන් ම ප‍්‍රදර්ශන භාණ්ඩ ලබා දීමෙන් ඔබට ද දායක විය හැකි ය.

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම – මෑත ඉතිහාසය, අද සහ හෙට

හෙළ දිව මහා නවකතාකරු ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් 1957/05/31 වන දින අභාවප‍්‍රාප්ත වීමෙන් අනතුරු ව එ තුමා සතු ව තිබූ සියලූ දේපලවල අයිතිය එතුමා ගේ ඥාති පුත‍්‍ර ඩබ්ලියු. බී. සී. සෙනරත් නන්දදේව මහතා වෙත හිමි විය.

මෙම දේපල අතරින් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ගේ සියලූ පොත් වල ප‍්‍රකාශන අයිතියත්, ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් දිවි ගෙවූ වැල්ලවත්තේ පිහිටි සිල්වර් මියර් නම් නිවසෙහි අයිතියත් ප‍්‍රධාන වෙයි.

සෙනරත් නන්දදේව මහතා විසින් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ගේ සේවය වසර ගනනක් පුරා විවිධ ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යන ලදි. එ සේ වුව ද නන්දදේව මහතා ගේ අභාවයෙන් පසුව ද මෙම සේවය තව දුරටත් ඉදිරියට අඛණ්ඩ ව පවත්වා ගෙන යාමේ සහ එහි ප‍්‍රතිලාභ මතු පරපුරට හිමි කර දීම සඳහා ක‍්‍රමාණුකූල හා චිරාත්කාලීන වැඩ සටහනක අවශ්‍යතාවය පැන නැගිණි.

මෙම අවස්ථාවේ දී එ නම් වර්ෂ 2014 ජනවාරි මස 16 වන දින ශාස්ත‍්‍රපති පූජ්‍ය වතවන සිරිසුමන හිමිපාණන් ගේ සභාපතීත්වයෙන් ”ඩබ්ලියු. ඒ. සිල්වා පදනම” ස්ථාපනය කරන ලදි. ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ උප සභාපතිවරුන් ලෙස ඉන්ද්‍රාණි ද සිල්වා මහත්මිය හා මහාචාර්ය හර්ෂ සෙනෙවිරත්න මහතාත්, ලේකම් වරයා ලෙස නීතිඥ රවී තිලකවර්ධන මහතාත්, භාන්ඩාගාරිකවරයා ලෙස නීතිඥ කෝණාර කරුණාරත්න මහතාත් කටයුතු කරති.

ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ ප‍්‍රධාන ‘දැක්ම’ වන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් විසින් සිදුකරන ලද විශිෂ්ට ජාතික මෙහෙවර තව දුරටත් ඉදිරියට ගෙන යමින් මතු පරපුර වෙත එ තුමා ගේ නිර්මාණයන් ගේ ප‍්‍රතිලාභ උරුම කර දීම යි.

ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ අනෙකුත් අරමුණු අතර, ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ගෙන් භාෂාවට හා සාහිත්‍යයට සිදු වූ ජාතික සේවාව තව දුරටත් ව්‍යාප්ත කිරීම.ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් පිළිබඳ තොරතුරු එක් රැුස් කිරීම,ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් විසින් රචිත පොත් පත් තවදුරටත් ප‍්‍රචාරය කිරීම හා විවිධ භාෂා වලට පරිවර්තනය කිරීම හා ඉහත සඳහන් තොරතුරු ගුවන් විදුලි, රූපවාහිනී, සිනමා සහ විද්‍යුත් තැපැල් ආදී නවීන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම ප‍්‍රධාන වේ.

ඩබ්ලියු. ඒ. සිල්වා පදනම මඟින් අරඹා ඇති විශේෂිත ජාතික සේවයක් වන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්් ජීවත් වූ කොළඹ වැල්ලවත්තේ ඩබ්ලියු. ඒ. සිල්වා මාවතේ පිහිටි ”සිල්වර් මියර්” නම් නිවස ජාතික වස්තුවක් වශයෙන් සංරක්ෂණය කිරීම හා එ මඟින් භාෂා-සාහිත්‍ය පුස්තකාලයක්, භාෂා-සාහිත්‍ය කෞතුකාගාරයක් හා ඉපැරැුණි කොළඹ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ස්ථාපිත කොට එය ජාතියට තිළිණ කිරීම යි. මෙම ජාතික මෙහෙවර සඳහා අදහස් ඉදිරිපත් කිරීමෙන් තොරතුරු ලබා දීමෙන් මෙන් ම ප‍්‍රදර්ශන භාණ්ඩ ලබා දීමෙන් ඔබට ද දායක විය හැකි ය.

ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ නිල වෙබ් අඩවිය අඅඅගඅ්ිසකඩ්ගදරට වන අතර නිල විද්‍යුත් තැපැල් ලිිපිනය වන්නේ සබදෙ?අ්ිසකඩ්ගදරට යන්නයි. ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ දුරකථන අංකය 0777 339299 වෙි.

රවී තිලකවර්ධන
ලේකම්
ඩබ්ලියු. ඒ. සිල්වා පදනම