Publications

හෙළදිව මහා නවකතාකරු ඩබ්ලියු.ඒ. සිල්වා ශුරීන් හා සම්බන්ධ ග්‍රන්ථ එලි දැක්වීම

හෙළදිව මහා නවකතාකරු ඩබ්ලියු.ඒ. සිල්වා (1890/01/16 – 1967/05/31) සුරීන් විසින් සිදු කරන ලද භාෂා සාහිත්‍ය මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කරමින් එහි ප්‍රතිලාභ වර්තමාන පරපුර වෙත ලබාදීම සඳහා පහත සදහන් පොත් පහ (5) එළි දැක්වීමට ඩබ්ලියු.ඒ. සිල්වා පදනම කටයුතු සිදු කොට ඇත. එම පොත් පහ පිළිබද කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

  1. දෙමළ මාධ්‍යයෙන් එළි දක්වනු ලබන ඩබ්ලියු.ඒ. සිල්වා සුරීන් ගේ තෝරාගත් විශිෂ්ට කෙටි කතා එකොළහක (11) එකතුව
      – මෙය ‘කයිකුට්ටෙයි’ (ලේන්සුව) නම් කොට ඇති අතර ඩබ්ලියු.ඒ. සිල්වා සුරීන් ගේ නිර්මාණ දෙමළ මාධ්‍යයෙන් එළි දැක්වීමේ ප්‍රථම පියවර යි.
    පරිවර්තක – දික්වැල්ලේ කමාල් මහතා.
  2. මුස්ලිම් හා ඉස්ලාම් සංස්කෘතිය හා බැදුණු ‘අරාබි නිසොල්ලාසය’ නම් වූ විශ්ව කිර්ති ග්‍රන්ථයේ ඩබ්ලියු.ඒ. සිල්වා විසින් සිදුකරන ලද සිංහල පරිවර්තනයේ කොටස් හතරෙන් පළමුවන කොටස
      – එක්දහස් එක් රැය (නව මුද්‍රණය)
  3. ඩබ්ලියු.ඒ. සිල්වා විසින් රචිත කෙටිකතා සංග්‍රහ හයෙන් (6) දැනට මුද්‍රණයේ නොමැති කෙටිකතා සංග්‍රහය
      – ජෙනීගේ කතාව සහ තවත් කතා (කතා රත්නාකරය) – (නව මුද්‍රණය)
  4. ඩබ්ලියු.ඒ. සිල්වා විසින් රචිත පුද්ගල සංවර්ධනය හා සාර්ථකත්වය හා බැදුණු ඉපැරණි ග්‍රන්ථය (පළමු මුද්‍රණය)
      – ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස Secret of success (නව මුද්‍රණය)
  5. ඩබ්ලියු.ඒ. සිල්වා ගේ නිර්මාණ හා එම නිර්මාණවලට අදාල ව්වේචන / විමර්ශන හා සම්බන්ධ සාහිත්‍ය විචාර ග්‍රන්ථය
      – ඩබ්ලියු.ඒ. සිල්වා – සාහිත්‍ය හා මිත්‍යාව කතෘ මහාචාර්ය මිණිවන පී. තිලකරත්න මහතා (නව මුද්‍රණය )