ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම – ලාල් සෙනරත්
‘සිරිපා මළුවට පිවිසෙන මොහොත වන්දනාකාරයනට හැම දෙයක්ම මතක නැති කරවන මොහොතකි. දින ගණනක් මුළුල්ලේ නොයක් ගැහැට විඳිමින් කන්නට නැතිව – නිදන්නට නැතිව – යන්නට බැරිව – නොයෙක් දුක් විඳිමින්, මුදුන් පමුණුවන ලද අදහස් ඇති බැවින් මේ මොහොත ඔවුනට එසේ වීම පුදුමයක් නොවේ. තවද, මේ මොහොතේ දී ගුරා හෙවත් නඩනායකයා දිනන ලද බළකොටුවකට සෙබළුන් ගෙන්වන සෙනෙවියකු මෙන් මළු දොරකඩ සිට, නොයෙක් කන්කලු බසින් සිය අනුවරයන් සිත පණ පොව – පොවා, අත දෙමින් මළුවට ඇද ලන්නේය. මීට හරියටම වසර 90කට පෙර 1927 දී මහා නව කථාකරු ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් විසින් ලියන ලද ‘දෙයියන්නේ රටේ’ නවකථාවට වස්තු විෂය වී ඇත්තේ සිරිපාද අඩවියයි. මීට වසර අනූවකට පෙර කතුවරයා සියැසින් දුටු සිරිපා අඩවියේ සිරිය මෙන්ම කටුක දුෂ්කර ගමන මේ නවකතාවෙන් අපූරුවට විද්‍යාමාන වෙයි. සිරිපා වන්දනාව අාරම්භ කොට ඇති මේ සමයේ ‘දෙයියන්නේ රටේ’ නවකථාවෙන් මතුවන එදා රසය තවත් වැඩිවෙනු ඇත. ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා ‘දෙයියන්නේ රටේ’ පළමුවෙන්ම ලියා කොටස් වශයෙන් පළ කර ඇත්තේ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේය. මේ නවකතාව ලිවිමට ඔහුට අත්දැකීම ලැබුණේ කෙසේදැයි වරක් ඔහු සඟරාවකට ලියා තිබුණි. මැණික් ගරන්නන් හා ගවරවිල කන්දේ ගත කළ දවස් කීපයක් තුළදී, ලක්දිව නොයෙක් තැන්වල හොරෙන් මැණික් ගැරීම කළ පුද්ගලයන් පිළිබඳ පුදුම කතා සිල්වා මහතාට අසන්නට ලැබී තිබුණි. ගවරවිල කන්ද ගණ කැලයෙන් ගැවසි මහා වනයකි. දිය සෙවෙල් හා පාසි බැඳුණු ගස්වලින් මහා දවාලේ පවා නිබඳ කාන්දු වෙන දිය ඇති බවත්, සඳහන් කර ඇති කතුවරයා සමනොළ මුදුනේ සතියක් ගත කර ඇත. ඔහු මෙසේ ද කියා ඇත. ‘දෙයියන්නේ රටේ සිරිපාද අඩවිය ගැන කරන විස්තරය හැටන් පැත්තෙන් මෙන්ම රත්නපුරා පැත්තෙන් ද මම කිහිපවර සිරිපාදේ ගිය පුරුද්ද ඇත්තෙක්මි. එපමණක් ද නොව, විනෝද ගමන් වශයෙන් ඒ අවට කැලේ කිහිප දින දින හැසිරවෙමින් නතරව සිටියෙමි. සිරිපාදයට නැගෙනහිරින් පිහිටි ගවරවිල කන්දේ පවා මැණික් ගැරුම් කළ පිරිසක් සමඟ සතියක් නතරව සිටියෙමි. ‘දෙයියන්නේ රටේ’ ස්ථාන හා අවස්ථා සම්පාදනයට මේ ගමන්වලදී සියැසින් දුටු දෙය මට ඉතා උපකාරවත් විය. ‘දෙයියන්නේ රටේ’ නවකතාවට පසුබිම් වී ඇති කෙසෙල් පතන නමින් බොරුවක් වුවද ඇත්තටම පැවති ගමක් බව කතුවරයා කියයි. ඒ ගම් හා ඒ ගම්වැසියන් මෙන්ම හොඳට යථා තත්ත්වයෙන් නිරූපණය වූ සිතියමක් වෙන අන් තැන සිය බසින් දක්නට නොලැබෙන තරම් බව ඔහු වැඩිදුරටත් කියා ඇත. 1956 වසරේ පියදාස සිරිසේන මහතාගේ ‘ඩිංගිරි මැණිකා’ නවකතාව සිනමාවට නැඟූ නීතිඥ ඇස්.ඩී.ඇස්. සෝමරත්න 1958 වසරේ සිල්වා සූරීන්ගේ’ දෙයියන්ෙන රටේ’ තෝරා ගත්තේය. මෙහි කතාව විකාශනය වෙන්නේ මෙසේය. කොහෙල්පතන පිටිසර ගමකි. මේ ගම ගම්මුන් අතර ප්‍රසිද්ධ වූයේ ටියුඩර් පීරිස් නිසාය. ඔහු පන්සලේ පවත්වන දේශන නිසා ගම්මු දැනුවත් වූහ. සදාචාරත්මක වූහ. ටියුටර්ගේ කතා මෙන්ම යහපත් කල් ක්‍රියාවට කැතරින් පතිරණ ප්‍රියමනාප වූවාය. මුලදී අග හිඟකමින් පෙළුණු පතිරණ හාමිනේ එනම් කැතරින්ගේ මවට රේස් දිනුමකින් ලැබුණු මුදල් නිසා වෙනස් වීමට පටන් ගත්තාය. මේ තත්ත්වය උදා වූයේ කැතරින් හා ටියුඩර්ගේ විවාහ ගිවිසුමට ඇය අකමැති වීමෙනි. කැතරින් එක හිතින්ම සිටියත්, මවෙග් බලවත් ප්‍රයත්නයත් බලකීරීමත් නිසා ඇය ගුණපාල හා විවාහ ගිවිස ගන්නේ අකමැත්තෙනි. ගුණපාල ගමේ බලවතෙකි. සල්ලි භාගය ඇත්තෙකි. පොර කුකුළන් කෙටවීමට, සමාජ ශාලාවල නළඟනන් හා නැටීමට ඔහු ප්‍රිය කළේය.
තුවක්කුව, බිලීපිත්ත හා කඩදාසි කුට්ටම ඔහුට හොඳට පළපුරුදු බඩු තුනකි. කිසිම ඉගෙනීමක් නැති බිය සුලු, ධනවතෙකු වූ ගුණපාලට තමා පාවා දීමට තම මව උත්සුක වෙන්ෙන් මන්දැයි කැතරින්ට ප්‍රහේලිකාවකි. අම්මාගේ කීමට එකඟ වී ටියුඩර් අතහැර ගුණපාල වෙත කැමැත්ත දුන්න ද කැතරින්ගේ හිත තිබුණේ ටියුඩර් වෙතය. ආදරය අහිමි වූ ටියුඩර් ගම ද අතහැර ශ්‍රී පාද අඩවියට කිට්ටුව තිබූ ගවරවිලට යන්නේ මැණික් ගැරීමටය. එහි දී ඔහු කැතරින් ගැන දුක් වෙමින් ජීවත් වෙයි. මේ අතර ගමේ පැරණි ගුරුවරයකු වන්දනා නඩේ ගුරෙකු වූ බබානිස් සමඟ පතිරණ හාමිනේත්, කැතරින් හා ගුණපාලද ශ්‍රීපාද වන්දනාවේ යති. බබානිස් ගුරා සමඟ හැම විටම ගැටෙන ගුණපාල මේ ගමනේදී කට වරද්දා ගනී. ශ්‍රීපාද වන්දනා කොට බිමට බසින අතරේ පතිරණ හාමිනේට පාර වැරදී ගවරවිල කන්ද පැත්තට යන්නීය. කැතරින් තම මව සොයා අවදානම් ගමනක් යන අතර ගුණපාලද අකමැත්තෙන් ඇය පසුපස යයි. කැලේදී අවතාරයක් දැක ගුණපාල කැතරින් අතහැර ආපසු දුවයි. ගවරවිල කන්ද අසලදී අතරමං වූ පතිරණ හාමිනේ ටියුඩර්ට හමුවෙයි. ඊළඟට කැලයේ ක්ලාන්ත වී වැටී සිටි කැතරින් ටියුඩර්ට හමුවෙයි. ඇයට සිහි ලැෙබන විට ටියුඩර් දැකීමෙන් ඇය බියටත්, පුදුමයටත් පත්වෙයි. කැතරින් විවේක ගන්වා ටියුඩර් ගුණපාල සොයා යයි. ගුණපාල විඩාබරව සිටින බව දැන ටියුඩර් ඔහු කර තබා වාඩියට ගෙන එයි. මේ එන අතරතුර ගුණපාල ටියුඩර්ගේ පිස්තෝල කොපුව හා එහි තිබූ අගනා මැණික සොරා ගනී. වාඩියට පැමිණි ගුණපාලට වතුර පිපාසාව නිසා ටියුඩර් වතුර සෙවීමට යන අතර ගුණමකු ගුණපාල පිස්තෝල කොපුවේ ඇති මැණික ගැනීමට ඒ තුළට අත දමද්දී එහි විසකුරු සර්ප පැටියෙක් ඔහුගෙ ඇඟිලිවලට දෂ්ට කරයි. ටියුඩර් එන විට ගුණපාල මරණාසන්නව කෙඳිරිගාමින් සිටියේය. පිස්තෝල කොපුවේම සර්ප විෂ තිබූ එකම බෙහෙත් ගුලිය ගුණපාලට දෙන ලෙස කැතරින්ට දුන්නේය. එ් අතර සර්ප පැටියා ලවා ටියුඩර් ද තම අතට දෂ්ට කරගෙන සිටියේය. තම අත තිබූ බෙහෙත් ගුලිය දිය කර ගත් පීරිසිය කැතරින් ටියුඩර්ට පෙවීමට යද්දී ගුණපාල එයට එරෙහිව පිරීසිය තමා වෙතට ඇද ගැනීමට ගත් උත්සාහයේදී සිදු වූයේ පීරිසිය බිම වැටීමය. ටියුඩර් හා ගුණපාල මියගිය පසු කැතරින්ද සර්පයා ලවා දෂ්ඨ කර ගනී. ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ කැතරින් ලෙස පුණ්‍යා හීන්දෙණිය ද, ටියුඩර් ලෙස සේනාධීර කුරුප්පුත්, ගුණපාල ලෙස එඩ්වඩ් සේනාරත්න ද, පතිරණ හාමිනේ ලෙස මොනිකා කල්දේරා ද, බබානිස් ගුරා ලෙස ධර්ම ශ්‍රී කල්දේරා ද, බබම්මා ලෙස ලිලියන් එදිරිසිංහ ද රඟපෑහ. ජෙනී විලිප්‍රීඩා, චන්ද්‍රා පෙරේරා, ජෝසප් සෙනෙවිරත්න, පියදාස ගුණසේකර, ඩොමී ජයවර්ධන, රෝහිණී ජයකොඩි, බන්ධුල ශ්‍රී සරච්චන්ද්‍ර ද රඟපෑහ. ඇල්.ඇස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ දෙබස් රචනය ධර්ම ශ්‍රී කල්දේරා ගෙනි. සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාල ගෙනි. කරුණාරත්න අබේසේකර ගීත රචනා කළේය. ඇස්.ඇස්. නාදන් කැමරා ශිල්පියාය. මේ චිත්‍රපටයේ ගීත ජනප්‍රිය වී ඇත. ‘සිරි පාද හිමේ දෙයියන්නේ රටේ මේ ශාන්ත උදේ සුර්යෝදේ’ (ගායනය – මොහිදින් බෙග්) ‘සීත සුනිල් දිය දහරා ළා නිල් කඳු මනහාරා’ (ගායනය ජෝතිපාල) මොහිදින් බෙග් ගැයූ ‘හිම බිම පාලන සුරිදේ’ බෙග් හා ජී.එස්.බී. රාණි ගැයූ ‘රැල්ලේ කිරි වැල්ලේ – හාදු දේවී’ බෙග් හා පිරිස ගැයූ ‘මොකටද කාසි බාග සොයා තියා’ රාණි ගැයූ ‘අම්මාගේ කීම අහලා’ ලතා, ඉන්ද්‍රාණි හා ධර්මදාස ගැයූ ‘සීත ගඟුලේ සීත හිමේ’ යන ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත. 1958 මැයි 01 මේ චිත්‍රපටය තිරගත විය.
මේ චිත්‍රපටයේ කැතරින් ලෙස රඟ පෑ පුණ්‍යා හීන්දෙණිය අපට කීවේ, 1957 වසරේ චිත්‍රපට නිෂ්පාදක නීතිඥ සෝමරත්න මහතා හමුවට තම ඥාතියෙකු සමඟ ගිය අතර කිසිදු පරීක්ෂණයකින් තොරව තමාව කැතරින් ලෙස තෝරා ගත් බවය. ‘මේ චිත්‍රපටයට ආගමික භක්තිය සම්මිශ්‍රණය වීම එක්තරා ආශිර්වාදයක් වුණා. එ් චිත්‍රපටයේ දර්ශන ගැනීම් සිරිපා අඩවියේ සිදු වුණේ. කරුණාවේ මහිමයට ක්ෂේත්‍රයක් වූ සිරිපා කඳු වැටියේ සිසිල් සුවය මට ආශිර්වාදය වුණා. දහ දොළොස් වතාවක් බුදු පහස ලද එම උතුම් ස්ථානයේ සිරිපා මළුවේ නගිමින්, බසිමින් එහි ගැවසීමෙන් බැති සිත් ඇතිව හැම දර්ශනයකටම මම මුහුණ දුන්නා.‘සුර රූ සමන් සමඟින් සුරඟන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර එලෙස සැලළිහිණි ගීතයෙන් වැෙනන සිරිපා මුදුනින් ඉරු සේවය අරඹන විට ඒ අතරින් මට කලා ලෝකය දකිනු හැකි වීම වාසනාවක් යි සිතෙනවා. මහා නවකතාකරු ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරින්ගේ කතාවකින් චිත්‍රපට ජීවිතය ඇරඹූ තමා එතුමා බැති සිතින් සමරනු සඳහා මෙය උසස් අවසරයක් කොට සලකන බව පුණ්‍යා 1966 දෙයියන්නේ රටෙන් උපන් නිළිය’ නම් වසරේ ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ පළවූ ලිපියක සඳහන්ව තිබුණි. ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ බබානිස් ගුරා ෙලස රඟපෑ ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතු ධර්ම ශ්‍රී කල්දේරා චිත්‍රපටයේ දෙබස් ද රචනය කළේය. ලංකා ගුවන් විදුලියේ පාලිත සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක ඔහු මෙසේ කියා තිබුණි. නළුවෙකු හැටියට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මම රඟපෑවේ ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ. ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්මයාගේ නවකතාව ඇසුරෙන් නිෂ්පාදක නීතිඥ සෝමරත්නට වුවමනා වුණේ නවකතාවේ තිබුණ හැටියටම ලියලා චිත්‍රපටය කරන්නයි. එ් මහත්මයා හෙළදිව ෆිල්ම්ස් කියලා චිත්‍රපට සමාගමක් හැදුවේත් අපිට ආවේණික චිත්‍රපට වැඩි වශයෙන් නිර්මාණ කරන්නයි. මේ චිත්‍රපටයේ රඟපාන්න ගිහිල්ලා සේනාධීර කුරුප්පුටයි. (ටියුඩර්ටයි මටයි (බබානිස් ගුරා) ජීවිතේටම අමතක නොවන අත්දැකීමට මුහුණ දුන්නා. එදා රූ ගත කිරීම් යෙදී තිබුණේ සමනළ කන්ද අවටයි. එදා දර්ශන තලය සූදානම් කරලා කැමරාවට ගන්න සූදානම් කරල කැමරාවට ගන්න ඔන්න ෙමන්න කියලා තිබියදී හිටපු ගමන් මහා වැස්සක් කඩා වැටුණා. සේනාධිරයි, මමයි වැස්සෙන් බේරෙන්න එතැන තිබුණ පඳුරකට මුවාවෙන්න දුව ගෙන ගියා. ඒ එක්කම අෙප් පය ලිස්සලා පහළට පෙරළෙන්න පටන් ගත්තා. අපට අතට අහුවෙන හැම දෙයක්ම අල්ලා ගන්න හැදුවත් හරි ගියේ නෑ. අපිව පහළටම පෙරළිලා ගියා. කලින් ලිස්සුවේ සේනාධීරව. ඒක දැකලා එයාව බේර ගන්න ඉස්සරහට පනින කොටම මාවත් ලිස්සලා වැටුණා. එ්ත් හොඳ වෙලාවට හරහට තිබුණ ගල්පර්වතයක් ළඟ අපි දෙන්නම නතර වුණා. ඉළුක් පඳුරු තිබුණ හින්දා තුවාලයක් වුණේ නැහැ. ඒ වුණත් ඇඟ හැම තැනම කසන්න ගත්තා. අපි දෙන්නා ලිස්සලා වැටුණ බව කවුරුත්ම දැක්කේ නැහැ. අපිට උඩට එන්න උදව් කරන්න කියලා කෑ ගැහුවත්, කාටවත් අහිලා නැහැ. කවුරු හරි ඇවිල්ල කඹයක් වගෙ එකක් දාලා උඩට ගත්තේ නැත්නම් උඩට යන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. වෙන කරන්න ෙදයක් නැති හින්දා දෙන්නත් එක්කම කතා වෙලා තවත් පහළටම බැස්සා.’
සේනාධීරයි, කල්දේරයි දැනං ඉඳල නෑ ඒ දෙදෙනා කොතරම් පහළට අාවාද කියා. මේ දෙදෙනා කෙසේ හෝ උත්සාහ ගෙන ඇත්තේ අඩි පාරක් තියෙන තැනක් හොයා ගන්නය. ඔවුන්ට හොඳටම මහන්සි නිසා ටික වෙලාවක් වාඩි වී සිට, තවත් ටිකක් පහළට බැස්ස විට දොළ පාරක් හමු වී ඇත. එතැන කවුරු හෝ එන යන අඩි පාරක් හමු වී ඇත. ඒ දිගේ ගිය ඔවුනට ගල් ලෙනක් වගේ තැනක් දැක ගන්ට ලැබුණි. දිවියෙක්, කොටියෙක් වැනි නපුරු සතෙක් ඇතැයි සිතූ සේනාධීර එතනට යන්න බැහැ කියා ඇත. ‘සමන් දෙයියන්නේ පිහිටෙන් එහෙම අපිට කරදයක් වෙන එකක් නැහැ’ කල්දේරා එසේ කියන විට සේනාධීරත් හිත හදා ගෙන ඇත. දෙදෙනාම ගල් ගුහාව ළඟට ගියහ. ඒ වෙලාවේ ඔවුන්ගේ ඇස් අදහා ගන්න බැරි වී ඇත. ගල් ගුහාවේ ගල් පොත්තක් උඩට වෙලා හිටියේ තරමක වයස් ගත මිනිහෙකි. වැරහැලි වගේ ඇඳුම් ඇඳගත්, මුහුණ පුරාම රැවුල වැවී තිබුණ මිනිහෙක් ඒ. ‘එයා ටික වෙලාවක් යනකම් වචනයක් වත් කතා කළේ නැහැ. අපි දෙන්න කියන දේවල් ඔක්කොම මිනිහා අහගෙන හිටියා. ‘අපේ කණ්ඩායම ඉන්න තැනට පාර පෙන්වන්න’ කියලා මම කිව්වා. ඒ තැනැත්තා ඉස්සර වෙලා ඇවිත් කන්දට නගින පඩි පෙළක් පෙන්නලා ආයෙත් සමනල කන්දටම වැදිලා නොපෙනී ගියා. අපි බොහොම අමාරුවෙන් ඒ පෙන්නපු පාර දිගේ අපේ අය හිටපු තැනට එනකොට නිෂ්පාදන කණ්ඩායම බය වෙලා. ඩොමී ජයවර්ධන තව පිරිසක් සමඟ අපි සොයා ගෙන ආවා. දවස් කිහිපයකට පස්සේ දර්ශන අරන් ඉවර වෙලා එ් අමුත්තාව බලන්න අපි කිහිප දෙනෙක් එක්ක පල්ලෙහාට බැස්සා. ඒ වුණාට එහෙම කෙනෙක්වත් ගල් ගුහාවක්වත් හොයා ගන්න බැරි වුණා.’ ධර්ම ශ්‍රී කල්දේරා කියා ඇත. මේ චිත්‍රපටෙය් ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙක් වන බන්දුල ශ්‍රී සරච්චන්ද්‍රත් රඟපා ඇත. ඔහු මීට කලින් ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ හොරෙකුට රඟපා ඇත. සරච්චන්ද්‍ර මේ චිත්‍රපටයේ තැබෑරුමක අරක්කු බොමින් සමූහයක් සමඟ ‘මොකටද කාසි බාගෙ සොයා තියා’ ගීතය ගයන දර්ශනයක පෙනී සිට ඇත. ලිලියන් එදිරිසිංහ සිනමාවට පිවිසෙන්ෙන්් මේ චිත්‍රපටයේ බබම්මා නම් වැඩිහිටි මෙහෙකාරියකගේ චරිතය තුළිනි. ප්‍රධාන චරිතයක් වූ ගුණපාල ලෙස රඟ පෑ එඩ්වඩ් ෙස්නාරත්න එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකි. පසු කලෙක සොඳුරු යුවළ. සුරබිම, චණ්ඩාලි, චිත්‍රපටවල රඟ පෑ ජෙනී විනිප්‍රීඩා සිනමාවට එක් වෙන්නේ ද ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයෙනි. හිමේ සමන් දෙවි පිහිටෙන් හරි යයි අපි ආපු වැඩේ’ ගීතය ගයමින් ගායක සී.ටී, ප්‍රනාන්දු සමඟ ඇය රංගනයක යෙදෙන්නීය. ඇය වෙනුවෙන් පසුබිම් ගායනයෙහි යෙදෙන්නේ ඇන්ජලින් ද ලැනෙරා්ල් (ගුණතිලක) ය. ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටය සිරිපා සමය ගැන පසුබිම් වූ නවකතාවකින් නිෂ්පාදිත ප්‍රථම සිංහල චිත්‍රපටයයි.